අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 5 යි, ආයෙ දරුවො හදන්නෙ නෑ, බැදීම් වැඩි කරගන්න මම කැමති නෑ
දක්ෂ රංගන ශිල්පියෙක් සහ නිවේදකයෙක් විදියට ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ආදරය ලබන ඔහු කඩවසම් සුමිරාන් ධනංජය ගුණසේකර. සුමිරාන් ක්ශේෂ්ත්‍රයට එන්නේ නිවේදකයෙක් විදියට. ඉතින් ඒ විදියට ඇවිත් ඔහු අද වන කලා ක්ශේෂ්ත්‍රය තුළ ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම ලබා ගන්නවා.

ඉතින් සුමිරාන් රංගනයෙන් දායක වන මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ‘නීල පබළු’ ටෙලිනාට්‍යය. ම්‍ර්ම ටෙලිනාට්‍යයේ අභිමන් කියන්නේ ප්‍රධාන චරිතයක්. ඉතින් අභිමන් චරිතයට රංගනයෙන් දායක වෙන සුමිරාන් ජනප්‍රියම නලුවා විදියට සම්මාන ලබා ගෙන තිබෙනවා.
ඉතින් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක්. නමුත් ඔහුගේ අම්මගෙ හීනය නීතීඥවරයෙක් වීම සදහා සුමිරාන් එල් එල් බී උපාධිය සම්පූර්ණ කරනවා. ඉතින් ඒක ගැනත් තෘප්තියක් නැති නිසා සුමිරාන් කලා ක්ශේෂ්ත්‍රයට එන්නේ. මේ වන විට ආදරණීය පියෙක් වන සුමිරාන් මේ විදියටයි ඔහුගේ පවුල් ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.

” මම විවාහ වෙලා අවුරුදු 5යි. පුතාට අවුරුදු3යි. අපි හරි සතුටින් ඉන්නේ. නමුත් ආයේ දරුවෙක් හදන්නනම් අදහසක් නෑ. මොකද මම බැදීම් ඇති කරගන්න කැමතිනෑ. ඒක දුකක්නේ. දරුවයි බිරිදයි නිසා මට හැමදේම ලැබුණෙ. ඒ දෙන්නත් එක්ක සතුටින් ඉන්නවා.”