මගේ දුවට දැන් අවුරුදු 7 යි, මම සේවය කරන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ
සම්මානනීය රංගන ශිල්පිනියක් විදියට පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින් අතරට එන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහ මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයක් හරහා ප්‍රේක්ෂකයාට දැක ගන්න පුලුවන්. ඒ ගගන පියවර, දිවිතුරා,කොඩිගහ යට වැනි ටෙලිනාට්‍යය කිහිපය හරහායි. ඉතින් සුලෝචනා ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යයක් තමයි කුංචනාද කියන්නේ.

ඉතින් ඇය 2022 රයිගම් සම්මාන උළෙලේ හොදම සහය නිලිය විදියට ඇය සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉතින් කලා කටයුතු සමගින් ඉතාම කාර්යබහුල නොවී රැකියාවත් එක්ක කාලය කළමණාකරණය කර ගනිමින් වැඩ කරන ඇය පවුලටත් අංක එක දීලා වැඩ කරන්නේ. ඉතින් සුලෝචනා ඇගේ ජීවිතයේ තොරතුරු කිහිපයක් ප්‍රේක්ෂකයින් සමගින් බෙදා ගෙන තිබුණේ මේ විදියටයි.

” මම සේවය කරන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ. එහි රාජකාරිය කරනවිට මට නිවාඩු ගන්න පුලුවන් සති අන්තයේ සහ වසරකට ගන්න පුලුවන් නිවාඩුත් එක්ක. ඒ කාලයේදී තමයි කලා කටයුතු වල නියැලෙන්නේ. මගේ දුවට අවුරුදු 7 යි. දෙක වසරේ ඉගෙන ගන්නේ. මම දුවගේ වගකීම් වෙනුවෙන් උපරිමයෙන් කැප කිරීම් කරන කෙනෙක්. ගෙදර වැඩත් මගේ අතින් මම කරන්නේ. ”
මේ විදියටයි ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහ ඇගේ අදහස් දක්වලා තිබුණේ.