Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මමනම් කියන්නේ ආයේ මනුස්ස ආත්මේ ඉපදෙන්න එපා කියලා, ඒ තරමටම එපා වෙලා

අපේ රටේ ගායන ක්ශේෂ්ත්‍රය තුළ ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් විදියට ජනප්‍රිය ගායිකා කේ.සුජීවා ආදරණීය ගායන ශිල්පිනිය හදුන්වා දෙන්න පුලුවන්. ඇය ගායන කල ‘ඉගි මරන තරු රෑන’ ගීතය නිසා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය ලබපු සුජීවා සහ ඇගේ ආදරණීය දියණියන් දෙදෙනාව සමාජ මාධ්‍ය හරහාද ඉතා ජනප්‍රිය චරිතයන්.

අංජලී සහ රෝස් කියන්නෙත් අම්මගෙන් ලැබුණු ගායන හැකියාව නිසා සමාජ මාධ්‍ය හරහා දකින්නට ලැබෙන චරිතය. ඉතින් තම දියණියන් දෙදෙනා එක්ක බොහොම සතුටින් ජීවිතයක් ගත කරන කේ. සුජීවා කාලයක් රසිකයින් විසින් උනන්දුවෙන් කතා බහ කරපු කෙනෙක්.

පසුගිය දා ඇයට සිදු වුනු අකරතැබ්බයත් එක්ක සමාජයෙන් ලැබෙන විවිධ විවේචනයන් වලට මුහුණ දෙන්නට සිදුවුණා. ඉතින් පසුගිය දා ඇය සහභාගි වුණු රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී කේ.සුජීවා ආදරණීය ගායන ශිල්පිනියට වරම් තුනක් ලැබුණොත් කරන්නේ මොනවද කියලයි ඇය මේ විදියට කියා තිබුණේ.

” මට වරම් තුනක් ලැබුණොත් පළවෙනියටම මම ප්‍රාර්ථනා කරන්නේ මම නැති කාලෙක මගේ දරුවො දෙන්නට මේ ඉන්නවා වගේම සතුටින් කිසිම අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න ලැබෙන්න කියලා. ඊළග වරමෙන් මම ප්‍රාර්ථනා කරන්නේ මම ජීවත් වෙලා ඉන්නකම් මට ඒ දෙන්නා එක්ක ජීවත් වෙන්න ලැබෙන්න කියලා. අනිත් එකනම් ටිකක් බරපතලයි. මම හිතන්නේ ආයේ මනුස්ස ආත්මෙටනම් එන්න ලැබෙන්න එපා කියලා. ඒ තරමටම මට එපා වෙලා ඉන්නේ.”

මේ විදියටයි ඇය අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *