Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම සුදු වුනේ ඉන්ජෙක්ෂන් සහ ක්‍රීම් වලින්, මම මනෝවිද්‍යාව ගැන ඩිග්‍රී එකකුත් කරලා තියෙන්නේ

ප්‍රාසාංගික වේදිකාව තුළ නැතුවම බැරි ගායිකාවක් විදියට හදුන්වන්න පුලුවන් කෙනෙක් තමයි කේ.සුජීවා කියන්නේ. ඇය ගායනා කරන ගීත අතර ‘ඉගි මරන තරු රෑන’ ගීතයට තවමත් එදා වගේම රසික ආදරය ලැබෙනවා. ඉතින් කේ.සුජීවා ගැන අපේ රටේ ලොකු කුඩා කොයි කවුරුත් දන්නවා.

මොකද ඇය සමාජ මාධ්‍ය ජාලාවල බෙහෙවින්ම කතා බහට ලක් වෙන චරිතයක්. ඒ වගේම ඇගේ දියනියන් දෙදෙනාත් ගීත ගයන්න උපතින්ම ලද හැකියාව නිසා ඒ දෙදෙනත් අද වන විට ප්‍රේක්ෂකයන් ආදරය කරන චරිත දෙකක් බවට පත් වෙලා. කේ. සුජීවාට පසසුගිය දිනක සිදු වුණු සිදුවීමක් නිසා ඇගේ පවුලේ අය අතර පිරිසක් සමග ඇති වන කතා බහක් සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් වයිරල් වුනා.

මේ සිදු වීම තුළදී කේ. සුජීවා කියපු වචනයක් අල්ලගෙන ඇයට සමාජ මාධ්‍ය හරහාද මිනිසුන් ව්වේචනය කරන්නට වුනා. නමුත් මෑතකදී ඇය දියනියන් දෙදෙනාත් එක්ක එකතු වෙලා කරපු අලුත් ගීතයක් වන ‘අපි ප්‍රසිද්ධයි’ ගීතයක් ප්‍රේක්ෂකයන්ට අහන්න සලස්වලා තිබුණා. ඉතින් දරුවන් දෙන්නත් එක්ක කාටවත් යටත් නොවී ජීවත් වෙන ඇය ඇගේ අධ්‍යාපන මට්ටම ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම සංගීත කරන්න කලින් රැකියා ගොඩක් කලා. මම ඩිග්‍රී එක කලේ මනෝ විද්‍යාව ගැන. ඉතින් මම පිටරටවල් වල ගිහින් පවා ඉගෙන ගත්තා. නමුත් මම සංගීතය කරන්නේ මගේ නිදහස ගැන හිතලා. ඒ වගේම මට සැලෝන් එකක් තියෙනවා. මගේම ව්‍යාපාරයක්. මම මේ විදියටසුදු වුණේ ඉන්ජෙක්ෂන් වලිනුයි ක්‍රීම් වලිනුයි. නැත්නම් මම ඉස්සර කලුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *