මම ආදරේ කියන වචනෙටත් බයයි, ආදරෙන් රැවටුණු කෙනෙක් තමයි මම – කැරලි කොණ්ඩයෙන් තරුණයන්ගේ හිත් සොරා ගත් සමාධි
මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන හිරු නාලිකාවේ රාත්‍රී 8 ට විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය ඊෂාගේ හොඳම යාළුවා විදියට ප්‍රේක්ෂක ආදරය යි ඉහළින්ම ලබා ලබාගන්න ඇය රෙහානා. කතාවට අනුව රෙහානා වුණත් ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී සුධීක්ෂා සමාධි.

ඉතින් පසුගියදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු මීනු ටෙලි නාට්‍යයේත් ඇය රෙහානි විදියට රංගනයෙන් දායක වුණා. ඉතින් උපතින්ම කැරලි කොණ්ඩයක් තියෙන සුධීක්ෂාට විවිධ චරිත නිර්මාණ සදහා අවස්ථාව ලැබුණේ ඇගේ කොන්ඩය නිසාමයි. ඉතින් ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වෙන කොන්ඩයක් හිමි සුධීක්ෂා 2014 වසරේදි තමයි කලා ක්ශේෂ්ත්‍රයට පිවිසිලා තියෙන්නේ.
ඉතින් තරුණියක් වන ඇය රටේ ඉහලින්ම ජනතා ආදරය ලබා ගන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ආදරය නිසා දුක් විදලා තියෙන සමාධි ආදරය නිසා විදි දුක් ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම ආදරය කියන වචනෙටත් බයයි. මොකද මම ආදරය නිසා දුක් විදලා තියෙනවා. ආදරයෙන් බලාපොරොත්තු ගොන්නක් එකතු කරගෙන හිටපු කෙනෙක් මම. මම දැන් හිත ගලක් කරගෙන ඉන්නේ. මම ආදරෙන් රැවටිලා තියෙනවා. උඩින් මාව මෙහෙම දැක්කටම මම ගොඩක් දේවල් දරා ගත්ත කෙනෙක්. මට දෙමාපියන්ගෙන් රසිකයන්ගෙන් ආදරය ලැබෙනවා. ඒක ඇති මට මහමෙරක්.”