Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි 2 වතාවට බලාපොරොත්තුවෙන් හිටියේ පුතෙක්, නමුත් ලැබුණෙ දුවෙක්

පුංචි තිරය, සිනමාව, වේදිකාව කියන මේ හැම අතින්ම ලාංකීය කලා කෙත අස් වද්දපු ඔහු ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා. ඉතින් ටෙකි නිර්මාණ ගණනාවකම දැක ගන්න ලැබෙන ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා චරිතාංග රංගන ශිල්පියෙක් විදියට ඔහුගේ රංගන දක්ෂතා හරහා ප්‍රේක්ෂක අපේ ආලින්දයට එනවා. ඉතින් සංගීතේ ටෙලිනාට්‍යයේ වගේම අසිරිමත් දළදාගමනය ටෙලිනාට්‍යයේ රජතුමෙක් හැටියටත් ඔහු එකිනෙකට වෙනස් වූ චරිත අතරින් අපි දැක ගන්නවා.

ඉතින් ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු කියන්නේ සැබෑ ජීවිතේදී සැමියයි බිරිදයි කියලා නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම ඔවුන් දෙදෙනා ඉතා ජනප්‍රියයි. මීට වසර ගණනාවකට පෙර සිටම ප්‍රවීන රංගන ශිල්පීන් විදියට කලාවෙ රැදී සිටි ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු ආදරණීය දෙදෙනා සැබෑ ජීවිතේදී දියනියන් දෙදෙනෙකුගේ උතුම් මව් පියන්.

ඔවුන්ගේ ලොකු දුවට පසුව නැවතත් දියනියකගේ සුරතලයයි දැක ගන්න ලැබුණේ. ඉතින් දෙවැනි දුව තාරුකි අමායා ගැන මතකය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා අදහස් දක්වලා තිබූනේ.

” පළවෙනි ළමයා දුවෙක් නිසා බලාපොරොත්තු වුණේ පුතෙක්ව. නමුත් ලැබුනෙ දුවෙක්. සතුටින් බාර ගත්තා කවුරු වුණත් දරුවොනෙ. කුසුම් කෝල් කරලා කිව්වා. එතකොට මම හිටියේ විදෙස් රටක. මට කුසුම් කතා කරලා කිව්වා නමකුත් අරගෙනම එන්න කියලා. දැන ගත්ත ගමන් මම ආවා. මම ෆ්ලයි කලේ රෑක. මම ජනේලය අයිනේ ආසනයක වාඩිවෙලා ආවේ. මෙහෙම යනකොට තරු මගේ කන ගාවින් යනවා මට පේනවා. ඊට පස්සේ මම නම දැම්මා තාරුකි අමායා කියලා.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *