Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම අවුරුදු 20න් විවාහ වුනේ, දැන් මට ඉන්නවා අවුරුදු 19 ක දුවෙක්

විවාහක රූ රැජින කිරුලකින් පසුව කලා ක්ශේෂ්ත්‍රයට එන ඇය සුරූපි රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා. ඉතින් ඇය කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න නිහතමානී කලා කාරිණියක්. ඒ වගේම ශ්‍රීමාලි මේ දිනවල රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යය විදියට අපිට පුංචි තිරය හරහා දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේ දිවිතුරා ටෙලිනාට්‍යයේ.

ඒ විතරක් නෙමෙයි ශ්‍රීමාල් ෆොන්සේකා රංගනය කල තවත් ටෙලිනාට්‍යයක් මේ වන විට විකාශය වෙලා අවසන් වෙනවා. ඒ දෙරණෙහි විකාශය වුනු ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ. ඉතින් එකිනෙකට වෙනස් වුණු චරිත හරහා ප්‍රේක්ෂක අපි අතරට එන ශ්‍රීමාලි ෆොන්සේකා ඇගේ විවාහ ජීවිතය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම විවාහ වෙන්නේ වයස අවුරුදු 20න්. ඒකට හේතුව අපේ පවුලටම ඉන්නේ කෙල්ලොන්ට තුන් දෙනයි. අනිත් ඔක්කොම කොල්ලො. ඉතින් මගේ කසින් අක්කා කෙනෙක් විවාහ වෙලා ටික කාලෙකට පස්සෙ නැති වුනා. ඉතින් අපේ ගෙදරින් මට පොඩි කාලෙම ප්‍රපෝසල් එකක් ගෙනල්ලා කසාද බන්දලා දුන්නා. මම ඒ වෙනකොට කිසිම කොල්ලෙක් එක යාලු වෙලා ඉදලා නෑ. ඉතින් මම අද සතුටු දෙනවා මට ලොකු දුවෙක් ඉන්නවා. වයස අවුරුදු 19 ක.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශ්‍රිමාලී ෆොන්සේකා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *