ලංකාවේ හැම චැනල් එකකටම රියැලිටි පුරුදු කලේ සිරස, අපි වාසනාවන්තයි
රියැලිටි ගායන තරගාවලියක් හරහා ගායන ක්ශේෂ්ත්‍රයට ආපු ඒ ජනප්‍රිය ගායන ශිල්පියා තමයි ශිහාන් මිහිරංග කියන්නේ. එදා තරගකරුවෙක් විදියට සිරස සුපර් ස්ටාර් හරහා ගීත ගායනා කරන කාලේ සිටම අද වන විටත් ඔහුට ලැබෙන ආකර්ෂණයනම් කිසිම අඩුවක් වෙලා නෑ. ඒ තරමටම ශිහාන් මිහිරංගට තරුණියන්ගෙන් ලැබෙන ආකර්ෂණය ඉතාම ඉහලයි.

අද වන විට ඔහු ගීත ගණනාවක්ම ගායනා කරලා ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි ගායකයෙක් වෙලා හමාරයි. ඉතින් ඒ වගේම ඔහුට ගායන තරගාවලියක විනිසුරු මඩුල්ල නියෝජනය කරන්නත් ශිහාන් වාසනාවන්ත වුණා. ඉතින් හිරු නාලිකාවේ විකාශය වුණ හිරු ස්ටාර් රියැලිටි ගායන තරගාවලියේ විනිසුරුවරයෙක් විදියට වැඩ කටයුතු කලා.
ඒ ඔස්සේ ඔහුට ජනතා ආකර්ෂණය ඉහලින්ම ලැබුණා. ඉතින් ශිහාන් මිහිරංග කියන්නේ විවාහ වෙලා දරුවන් ඉන්න පියෙක් වුණත් තවමත් තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වෙලා. ඉතින් ඔහු සංගීත ක්ශේෂ්ත්‍රයට ආපු ගමන් මග ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ.

” ලංකාවේ හැම චැනල් එකකටම රියැලිටි පුරුදු කලේ සිරස. අපි වාසනාවන්තයි ඒ ගායන තරගයට ආවට. මගේ ඇප්ලිකේෂන් එක දැම්මේ මගේ යාලුවෙක්. මුලින්ම සිරස හරහා මිනිස්සුන් රියැලිටි ගැන දැන ගත්තම ඒක මිනිස්සුන්ට අලුත්දෙයක්. ඉතින් ඒක අපිට ලොකු චාන්ස් එකක්. ‘’
මේ විදියටයි ශිහාන් මිහිරංග අදහස් දක්වලා තිබුණේ.