Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ශෙරිල්ගෙන් අහනකොට එයාට ඔස්ට්‍රේලියාවේ කොල්ලෙක් හිටියා, මම කිව්වා දුර ඉන්න අයට වඩා ළග ඉන්න කෙනෙක් හොයා ගන්න කියලා

‘දුක වැඩි නෙතේ, නොදැක ඉන්න බෑ, සීත මාරුතේ, රැවටුන තරම්, නොදැනුවත්කමට වැනි ඔහුගේ ගීත ගණනාවකින්ම ප්‍රේක්ෂක හමුවට ආ ඔහු ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි. ඔහු මේ වන විට ජනප්‍රිය ගායකයෙක් විදියට කාගේත් ආදරය ලබනවා. ඒ වගේම රුවන්ගේ හඩට ආදරය කරන බොහෝ පිරිස් ඉන්නවා.

ඉතින් මේ වන විට රුවන් ආදරණීය සැමියෙක්. ඔහුගේ බිරිද සුරූපි ශෙරිල් ඩෙකර් කියලා කොයි කවුරුත් දන්නවා. පුංචි තිරයේ සුරූපි රුවැත්තියක් විදියට තරුණයන්ගේ ආකර්ෂණය ලබා ගන්න ශෙරිල් රුවන් හෙට්ටිආරච්චිගෙ මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘අමා’ ටෙලිනාට්‍යයේ අමා විදියට තමයි ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. ඉතින් රුවන්ට ශෙරිල්ව හමුවුණු විදිය ගැන මේ විදියටයි රුවන් හෙට්ටිආරච්චි එක්තරා රූපවාහිනි වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” ශෙරිල් මට මුලින්ම කතා කලේ මගේ සිංදුවකට විශ් කරන්න. එතකොට එයාට ඔස්ට්‍රේලියාවේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඉතින් එහෙම කතා කරලා අපේ කතාව ටිකින් ටික දුර ගියා. මම ශෙරිල්ට එකම එක දෙයයි කිව්වේ. දුර ඉන්න අයට වඩා ළග ඉන්න කෙනෙක්ව හොයා ගන්න කියලා. ඊට පස්සේ කොහොමහරි එයා මගෙම වුණා.”

මේ විදියටයි රුවන් හෙට්ටිආරච්චි ඔහුගේ ආදරණීය බිරිද මුණ ගැහුණු විදිය ගැන කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *