Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ ජීවිතේ ගොඩක් සුන්දර නෑ, ප්‍රශ්න ගොඩක් මැද්දෙ තමයි මේ ජීවත් වෙන්නෙ අපිට ගොසිප් වැදෙනවා

එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු අදටත් කාගෙත් මතකයේ තියෙන ඒ ‘අමා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනය කල ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් රොමෙන් ඩෙකර් කියන්නේ. වැඩිපුර පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයා හමුවට ආවේ නැතත් ඇය සමාජ මාධ්‍ය හරහා බෙහෙවින් සක්‍රීය කෙනෙක්.

ඉතින් ශෙරිල්ව අපිට දැක ගන්න පුලුවන් මියුසික් වීඩියෝ හරහා. ඇගේ ඇති සුන්දරත්වය නිසාම ශෙරිල්ට ආදරය කරන බොහෝ පිරිස් සිටිනවා. එන්න එන්නම ලස්සන වෙන ශෙරිල් මේ වන විට විවාහ වෙලා තම පවුලට ආදරණීය බිරිදක්. ඉතින් ඇගේ ආදරණීය සැමියාවත් රටක් ලෝකයක් ආදරය කරන ආදරණීය කලා කරුවෙක්.

රුවන් හෙට්ටිආරච්චි කිව්වම ඕනම කෙනෙක් දන්න ජනප්‍රිය ගායකයා තමයි ශෙරිල්ගේ සැමියා. ඉතින් මේ වන විට අවුරුදු ගණනාවක් විවාහ වෙලා ජීවත් වෙන ශෙරිල් සහ රුවන් ගෙවන ජීවිතය ගැන මේ විදියටයි ඔවුන් එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපි දෙන්නා සතුටින් ජීවත් වෙනවා. මෙහෙමයි සතුටින් කිව්වට උපරිම සතුටෙන් නෙමෙයි. අපිත් ප්‍රශ්න බාධක මැද උස් පහත් වීම් එක්ක ජීවත් වෙනවා.’’
ඒ වගේම රුවන් හෙට්ටිආරච්චි ශෙරිල් ගැන කිව්වේ මේ වගේ අදහසක්.
” මම හිතුවෙ නෑ අද මේ වගේ තැනකට මට එන්න ලැබෙයි කියලා. අනික ශෙරිල් වගේ බිරිදක් මට හම්බවෙයි කියලත් හිතුවෙ නෑ. අපි ප්‍රශ්න මැද මෙහෙම ජීවත් වෙන්නෙ. අපිට ගොඩක් ගොසිප් වදිනවා. මට ඕන ජීවිතේ අවසාන වනතුරු ශෙරිල් එක්ක ජීවත් වෙන්න.”

මේ විදියටයි සුන්දර පවුල් ජීවිතය ගැන ඔවුන් දෙදෙනා අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *