Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම රුවන්ට වඩා බාල වුනාට එයාට වඩා මට හොදට තේරෙනවා – සුරූපි ශෙරිල් කියයි

තම රූප සුන්දරත්වය එන්න එන්නම වැඩි වෙන ඇය ආදරය හිතේ උතුරුවාගෙන ඉන්න සුරූපිනියක්. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘අමා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වුණු අමාට රසික ආදරයත් නොඅඩුව ලැබුණා. ඉතින් ඒ විදියට ආදරය කරන ශෙරිල් මේ වන විට පුංචි තිරය හරහා නිතරම දැක ගන්න ලැබෙන්නේ නෑ.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහානම් නිරන්තරයෙන්ම ශෙරිල්ව දැක ගන්න පුලුවන්. ඇගේ ආදරණීය සැමියා පිලිබදවත් කලාවට ආදරේ කරන කවුරුත් දන්නවා. නොදැක ඉන්න බෑ, සීත මාරුතේ වැනි ගීත ගැයූ රුවන් හෙට්ටිආරච්චි. ශෙරිල් සහ රුවන් කියන්නේ දෙවියන් වහන්සේට අනුව තම ගමන හිමින් යන හරිම සුබවාදීව හිතන කලා කරුවන් දෙදෙනෙක්.

ඉතින් මේ යුවළ ගැන සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහ කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගැනයි. සමාජයෙන් මොන තරම් දේ අහන්න ලැබුණත් ඒ කිසි දේකට නොසැලී ඔවුන්ගේ පාඩුවේ ගමනක් යන්න හදන ශෙරිල් සහ රුවන් පසු ගිය දා සහභාගි වුනු එක්තරා යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් කිහිපය මේ විදියටයි ශෙරිල් කියලා තිබුණේ.

” රුවන් ඉස්සර ගොඩක් සල්ලි හම්බ කලා. ඉතින් එයාගෙ ඒ සල්ලි බඩු හැමදේම එයාට පරිස්සම් කරගන්න බැරිවුණා. ඉතින් ඒ ගැන හිත හිත එයා දුක් වෙනවා. මම රුවන්ට වඩා බාලයි. නමුත් මට එයාට වඩා හොදට තේරෙනවා. මම කියන්නේ පහු ගිය දේවල් ගැන දැන් දුක් වෙලා වැඩක් නෑ. අපි ඉදිරිය ගැන හිතමු කියලා.

මට මිනිස්සු මූනටම කියලා තියෙනවා අනේ ඔයාට ළමයි නෑ නේද කියලා. මිනිස්සු එහෙම අහන්න අහන්න තමයි මම ශක්තිමත් වෙන්නේ. මුල් කාලේ දුක හිතුනා. නමුත් දැන් මම හිතනවා එහෙම මට කියන්න කියන්න මම ශක්තිමත් වෙන්න ඕන කියලා.”

මේ විදියටයි ශෙරිල් ඔවුන්ගේ ජීවිතයේ අත්දැකීම් කිහිපයක් ප්‍රේක්ෂකයන් සමගින් හුවමාරු කරගෙන තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *