මම අම්මා කෙනෙක් වුන කෙනෙක්, ගෑණු කෙනෙක්ට වල කපන්නෙ තවත් ගැහැණියෙක්ම තමයි
එදා ස්වාධීන රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත්ත ටෙලිනාට්‍යයක් තමයි ‘අමා’ කියන්නේ. අමා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වුණ ඒ සුරූපිනිය තමයි ශෙරිල් ඩෙකර් කියන්නේ. මේ වන විටනම් පුංචි තිරය හරහා දැක ගන්න ලැබුණේ නැතත් කාගේත් ආදරය තවමත් ඇය ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලබනවා.

ඉතින් මේ වන විට විවාහ වෙලා ඉන්න ශෙරිල්ගේ අත ගත්ත සැමියා තමයි ශ්‍රී ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රය තුල ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ ගායන ශිල්පියෙක් වන රුවන් හෙට්ටිආරච්චියි. මේ ගායකයාගේ මියුසික් වීඩියෝ හරහාත් ශෙරිල්ව අපිට දැක ගන්න ලැබෙනවා.
ඉතින් ඒ විදියට වැඩි පුර දැක ගන්න නොලැබුණත් ශෙරිල්ට කවුරුත් ආදරය කරනවා. ඇය එක්තරා මාධ්‍ය හමුවකදී සංවේදි වෙලා ඇගේ ජීවිතයේ යම් යම් තොරතුරු හුවමාරු කරගෙන තිබුණා. ඉතින් ඇය දැක් වූ අදහස තමයි මේ.

” මම අම්මා කෙනෙක් වෙන්න ගිහින් අවාසනාවට මට ඒ දේ නැති වුනා. මම ගැන නොදන්න අය මට අපහාස කලා. මම ඒ දේවල් වලට ශක්තිමත්ව මුහුණ දුන්නා. එයාලට මම පිළිතුරු දුන්නා. ගැහැනු කෙනෙක් තමයි ගැහැණු කෙනෙක්ට වල කපන්නේ. මට ගොඩක් අපහාස කලේ ගැහැනු. බැදපු දෙන්නෙක් ළමයෙක් හදන එක එයාලගෙ කැමැත්ත. ඒකට කවුරුත් මොකුත් කියන්න හොද නෑ.”