දැන් අපිට සුරතල් කරන්න කෙනෙක් අවශ්‍යයි, අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා
ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන රුවන් හෙට්ටිආරච්චි සහ ජනප්‍රිය සුරූපි නිළි ශෙරිල් ඩෙකර් කියන්නේ අපේ කලා ලෝකයේ ඉන්න ආදරණීයම යුවලක්. ඉතින් රුවන් ගායනා කරන ගීත බොහොමයකට පාහේ මියුසික් වීඩියෝව සදහා රංගනය කරන්නේ ශෙරිල් විසින්. එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘අමා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනය කල ශෙරිල්ට තවමත් ගොඩ දෙනෙක් කතා කරන්නේ අමා කියලයි.

මේ වන විට සතුටින් ජීවත්වෙන ශෙරිල් සහ රුවන් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතා බහට ලක් වෙන දෙන්නෙක්. නමුත් කවුරුත් ආදරය කරන ඔවුන් දෙදෙනා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ජීවිතයේ අපේක්ෂා කරන දෙයක් කියලා තිබුණා. ඒ ගැන රුවන් දැක් වූ අදහසයි මේ.
”අපි දෙන්නා සතුටින් ජීවත් වෙනවා. දැන් සුරතල් කරන්න කෙනෙක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් අපි දෙන්නම දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ ඒ දේ. අපිට ඒ දේ උන්වහන්සේ ලබා දෙයි. එතකොට අපි දෙන්නගෙ ජීවිතේ සම්පූර්ණයි. ශෙරිල්ට ළමයි නෑ කියලා ගොඩක් අය කිව්වා මූණටම.’’

මේ විදියටයි රුවන් හෙට්ටිආරච්චි ඒ ආදරණීය පැතුම ගැන අදහස් දක්වලා තිබුණේ.