Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ශෙරිල්ගෙ අත් අකුරු පොඩ්ඩක් කැතයි, එයා ඒක ගැන ඕනවට වඩා හිතනවා – ගායන ශිල්පී රුවන්

සීත මාරුතේ, නොදැක ඉන්න බෑ වැනි ගීත හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ඔහු ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි. ඉතින් රුවන්ගේ හඩ නිසාම ඔහුගේ ගීත වලට ආදරය කරන බොහෝ රසිකයින් ඉන්නවා. ඉතින් මේ ආදරණීය ගායන ශිල්පියා විවාහ වෙලා ඉන්නේ අපේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය සහ සුරූපි රංගන ශිල්පිනියක් සමගයි.

ඇය ශෙරිල් ඩෙකර් කියලා කවුරුත් දන්නවා. ඉතින් ශෙරිල් සහ රුවන් මේ වන විට ඉතාම සතුටින් ජීවත් වෙන ආදරණීය යුවළක්. රුවන්ගේ ගීත වල මියුසික් වීඩියෝවට වැඩි හරියක් රංගනය කරලා තියෙන්නේ ශෙරිල්මයි. ඉතින් ශෙරිල් සුදු කොල්ලන්ට ආස නෑ කියලයිබැය කියන්නේ. ඒ නිසා රුවන්ගේ ශරීර පැහැයට ඇය ගොඩක් කැමතියි.

ඒ වගේම සමාජ මාධ්‍යයේ බොහෝ පිරිසක් ආදරය කරන සහ බොහෝ පිරිසකගේ අවධානයට ලක් වෙන කලා ශිල්පීන් දෙපලක් තමයි ඔවුන් දෙදෙනා. ශෙරිල් හැම වෙලේම හිතන්නේ තමන්ට කරන්න පුලුවන් දේවල් හොදින් ඉගෙන ගෙන ඒ පැත්තෙන් ඉදිරියට යන්නයි. ඉතින් ශෙරිල් සහ රුවන් පසුගියදා සහභාගි වුණු රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” ශෙරිල්ගෙ අත් අකුරු පොඩ්ඩක් කැතයි. ඒ නිසා එයාගෙ ලෙක්චර්ස් වල නෝට්ස් මට ලියන්න කියනවා. මම ඉතින් ලියලා දෙනවා. එයා අත් අකුරු කැතයි කියලා තරමට වඩා හිතනවා. දුක් වෙනවා. මම කියන්නේ බබා ඔයා දෙවියන්ට ස්තූති කරන්න ඔයාට අත් දෙකක් ලබා දුන්නට කියලා. මොකද මේ ලෝකේ අත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා.”

මේ විදියටයි සුරූපි ශෙරිල් ගැන ඔහුගේ ආදරණීය සැමියා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *