මට ලොකු සීන් දාන අයට මම ඊට වඩා ලොකු සීන් පෙන්නනවා, මට පෙන්නන්න බෑ එහෙම අය
එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘අමා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණු ඇය ශෙරිල් ඩෙකර්. ඉතින් වැඩිපුර පුංචි තිරය හරහා ඇයව දැක ගන්නට නොලැබුණත් මියුසික් වීඩියෝවලනම් දැක ගන්නට ලැබුණා. මේ වන විට සමාජ මාධ්‍යයේ විටෙන් විට ඡායාරූප හුවමාරු කරන ශෙරිල් විවාහ වෙලා ඉන්නෙත් රටේ ඉතාම ජනප්‍රිය චරිතයක්.

ඉතින් සංගීත ක්ශේෂ්ත්‍රය තුල කවුරුත් ආකර්ෂණය වෙන ආකාරයට ගීත ගයන රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් ඉතාම සතුටින් තමයි කාලය ගත කරන්නෙ. විවිධ විවේචන ඔවුන්ගේ ජීවිතයට මුහුණ දෙන්නට සිදු වුනත් තමන්ගේ පාඩුවේ හරි අපූරුවට ජීවිතය විදින දෙන්න තමයි ශෙරිල් සහ රුවන් කියන්නේ.
ඉතින් ශෙරිල් ඇගේ ජීවිතයේ තොරතුරු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි කියලා තිබුණේ.

” මට ලොකු සීන් දාන මිනිස්සු පෙන්නන්න බෑ. එහෙම කරන අයට මම ඊට වඩා ලොකු සීන් දානවා. මම හරියට මිනිස්සුන්ට රැවටෙනවා. මම හිතන්නෙ අපිට මුණ ගැහෙන මිනිස්සු හැමෝම අපිට පණ ඇරලා ආදරෙයි කියලා. ඉතින් කෑවද බීවද කියලත් මම අහනවා. ඉතින් මම මගේ බර්ත්ඩේස් වලට පවා එන්න කියනවා. එහෙම කරලා අවසානෙදි මම දන්නෙත් නෑ. මම නයින්ට ගෙදරට ගෙනල්ලා කිරි පොවලා තියෙන්නෙ කියලා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශෙරිල් ඩෙකර් ඇගේ අදහස් දක්වලා තිබුණේ.