Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ඉස්සර මට බඩ ගින්න වැඩිවෙලා කන්න නැතුව ලුණු එක්ක බිලිං කාපු අවස්ථා තියෙනවා

කාලයක් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තිය විදියට අපේ ආලින්දයට ආවත් ඇය මේ වන විට පුංචි තිරය හරහා දැක ගන්න ලැබෙන්නේ නෑ. එදා අමා ටෙලි නාට්‍යයේ රංගනය කළ ශෙරිල් මේ වන විට කලා වැඩ වල දැක ගන්නට නොහැකි වුණත් සමාජ මාධ්‍ය හරහා වගේම විවිධ රූපවාහිනි වැඩ සටහන් වලනම් නිතරම දැක ගන්න ලැබෙනවා.

ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි සමගින් විවාහ වෙලා ඉන්න ශෙරිල් රුවන්ගේ මියුසික් වීඩීයෝ ගණනාවක සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ වන විට ඇය ආයුර්වේදය ගැන ඉගෙන ගනිමින් තමයි සිටින්නේ. ශෙරිල් දීර්ඝතම කතා වල නැතුව කොටස් 100න් වගේ අවසන් වෙන නාට්‍යයක රගපාන්න කැමැත්තෙන් ඉන්නවා කියලයි ඇය කියන්නේ.

ඉතින් රුවන් මෑතකදී ආරම්භ කල ඔහුගේ මියුසික් බෑන්ඩ් එකත් එක්ක ලෝකේ පුරා සංචාරයන් වල යන්නත් තවම කතා බහ කරමින් සිටිනවා. ඒ වගේම රුවන් හෙට්ටිආරච්චිත් ඔහුගේ පන්ති කරගෙන යනවා. ඉතින් මේ විදියට කාර්යබහුල වෙලා ඉන්න ශෙරිල් සහ රුවන් සමාජ මාධ්‍යයේ වැඩි පුර කතා බහට ලක් වෙනවා. ඉතින් ශෙරිල් ඇගේ අදුරු අතීතය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම පල්ලෙහා ඉදලා ආපු කෙනෙක්. මට හරියට ඉස්සර අදින්නවත් තිබ්බෙ නෑ. අපේ ගේ ඉස්සරහා තිබ්බා බිලිං ගහක්. මට ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා හොදටම බඩගිනි නිසා මම බිලිං ලුණු එක්ක කාලා තියෙයි. මගේ අතීතය ගැන මතක් කරනකොට මට කිසිම ලැජ්ජාවක් නෑ. මම පිරිමි ළමයෙක් වගේ වැටි වැටි ආවේ. මට සතුටුයි අද මම මෙතන වගේ තැනක ඉන්න එක. ෆීල්ඩ් එකෙන් මට සෑහෙන කැපිලි ඇති වෙනවා. මම කාවවත් නල වන්නෙ නෑ.”

මේ විදියටයි ශෙරිල් අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *