Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම වගේ කවුරුත් විලාසිතා කරන්න එපා, තමන් තමන් වගේ වෙන්න

රංගන ශිල්පිනියක් විදියට අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහදවල. සරාගී ඡායාරූප තුලින් සමාජ මාධ්‍ය කලඹවන ශෙහානි රංගනය කල ටෙලිනාට්‍යයක් තමයි ‘සිහිනි’ ටෙලිනාට්‍යය. ඉතින් ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂකයා හමුවට එන ශෙහානිගේ සරාගි ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත කාලෙට කාලෙට මුදා හරිනවා.

මියුසික් වීඩියෝ වල රංගනය කරන ශෙහානි රංගනය කල ‘සසර පුරා’ මියුසික් වීඩියෝව ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් කාලෙන් කාලෙට ප්‍රේක්ෂකයන්ගේ කතා බහට ලක් වෙන ශෙහානි නර්තනයටත් දක්ෂ වගේම ඇය ඩාන්ස් කවර්ස් කරනවා. ඉතින් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඇය කරන විලාසිතා ගැන ශෙහානි ඇගේ අදහස් දක්වලා තිබුණේ.

” මම විලාසිතා කරන්නේ මට ඕන විදියට. මට කවුරු මොනවා කිව්වත් අදාල නෑ. මගේ අම්මට මම කරන විලාසිතා ප්‍රශ්නයක් නැත්නම් වෙන කාගෙන්වත් මට වැඩක් නෑ. මම කියන්නේ විලාසිතා කරනකොට කවුරුවත් වගේ වෙන්න හදන්න එපා. තමන් තමන් වගේ වෙන්න. මම වගේ වෙන්න හදන්න එපා.’’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශෙහානි කහදවල ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *