Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම මුලින්ම සිංදුවක් කියලා ගත්ත පඩිය 50 කොළ 2ක්

මදුලෝල මදහාස, මංගල නැකතේ, ඉගි බිගි කරනා වැනි ගීත තුලින් ප්‍රේක්ෂකයාගේ රසවින්දනය ඉහලින්ම ලබා දෙන ජනප්‍රිය ගායිකාවක් තමයි ශානිකා වනිගසේකර කියන්නේ. ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් විදියට ඇයව හදුන්වන්න පුලුවන්.

ඉතින් ශානිකා වනිගසේකර ජනප්‍රිය ගායිකාව මේ වන විට ඉතාම ජනප්‍රිය ගායිකාවක් විදියට ක්ශේෂ්ත්‍රයේ කා සමගත් ඉතාම සහයෝගයෙන් වැඩ කටයුතු කරන කෙනෙක්. ඇයා ගායනයට දක්වන හැකියාව වගේම තම පවුලට දක්වන ආදරයත් ඉතාම විශිෂ්ටයි.

ශානිකා වනිගසේකර ආදරණීය මවක් වගේම ඇගේ බලාපොරොත්තුව වුණේ හොද අම්මා කෙනෙක් වෙන එක. ආදරණීය සැමියෙක් සමගින් දරු පවුලේ සතුටින් ජීවත් වෙන ශානිකා අද සමාජයේ ඉහළ තැනක හිටියත් එදා ඇය ගායනය නිසා මුල් කාලේ විදි දුක් ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ඉස්සර බස් එකේ ගියපි වාර අනන්තයි. මාව සංගීතය අතින් ඉහලට ගේන්න අපේ අම්මයි තාත්තයි ගොඩක් දුක් වින්දා. ලැජ්ජා වුණා. මම මුලින්ම සිංදුවක් කියලා හම්බකරගත්ත මුදල රුපියල් 50 කොළ දෙකක්. ඒ කියන්නේ රුපියල් 100ක්. මම බස් එකේ ගිහින් තමයි මම ශෝ වලට ගියේ. මම සල්ලි වලට වඩා මිනිස්සු හම්බකරලා තියෙන්නේ.’’
මේ විදියටයි ජනප්‍රිය ගායන ශිල්පිනී ශානිකා වනිගසේකර අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *