Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම අවුරුදු 16 දි නුවරින් කොල්ලෙක් ඉල්ලුවට මගේ දුවනම් කියන්නේ අම්මෝ නුවරින්නම් එපා කියලා

ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් විදියට කවුරුත් ආදරෙ කරන ඇය ජනප්‍රිය ගායිකා ශානිකා වනිගසේකර. ඇය තවමත් බේබී ශානිකා කියලා හැමෝම ආදරය කරනවා. ඉතින් ශානිකා කියන්නේ තම ගායනය ඉතාම ප්‍රාසාංගික අයුරින් රසිකයාට ගෙන එන කෙනෙක්. මදුලෝල මදහාස, ඉගි බිගි කරනා, මංගල නැකතේ, පිනි වෑහෙන, හාදු කූඩයක් වැනි ගීත ගායනා කල ශානිකා ඇගේ සැබෑ ජීවිතයේ දී ආදරණීය අම්මා කෙනෙක්.

ඉතින් අම්මා කෙනෙක් වෙන්න පොඩි කාලේ ඉදන්ම ආස කල ශානිකා පාසල් යන කාලේ ඉදලම දෙමාපියන්ගේ රැකවරණය යටතේ හැදුනු වැඩුණු කෙනෙක්. ඉතින් ඇයට ඇගේ සැමියා වන සජිත් මුණ ගැහුණු ආකාරය ගැන ඇය මාධ්‍යට කියලා තිබුණේ මේ වගේ අදහසක්.

” මම කතෝලික. අපේ අම්මලා බෞද්ධ නිසා මම පන්සල් වලටත් ගියා. ඉතින් අපේ නෑනලගෙ පවුලෙ අයත් එක්ක මම ගියා නුවර දළදා මාලිගාවේ. එතකොට මට වයස අවුරුදු 16ක් විතර ඇති. ඉතින් මම පළමු පාරට තමයි නුවර ගියේ. මගේ නෑනා කිව්වා පළවෙනි පාරට නුවර ගිහින් මොනව හරි දෙයක් ඉල්ලුවම ඒ දේ ලැබෙනවා කියලා. මට ඒ වෙනකොට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් තමයි හිටියෙ නැත්තේ. ඉතින් මම ‘අනේ සාදු මට නුවරින් කොල්ලෙක් දෙන්න’ කියලා කිව්වා.

දැන් මම එහෙම කිව්වම මගේ දුව කියනවා අම්මෝ නුවරින්නම් එපා කියලා. මොකද සජිත් කියවනවා වැඩියි. එයාට හැමදේම හොදටම නීට් එකට ඕන. ඉතින් මමයි ළමයිනුයි වැඩිය පිළිවෙල නෑ. ඒ නිසා සජිත්ට තරහ ගිහින් එයා කියවනවා. අනික එකම දේ කිහිප පාරක් කියවන එකට ළමයි කැමති නෑ.”

මේ විදියටයි ජනප්‍රිය ගායිකා ශානිකා වනිගසේකර අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *