Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම දැන් ආදරේ උපරිමයෙන් විදිනවා, විවාහ වුනාම රඟපාන එක නවත්තනවා ළමයි හදාගෙන ජීවත් වෙන්න

2007 වසරේ සිරස කුමරි තරගාවලිය හරහා කලා ක්ශේෂ්ත්‍රයට පිවිසුණු ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා. ඇය මේ වන විට 2019 රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොදම ටෙලිනාට්‍යය නිලිය වගේම ජනප්‍රියම ටෙලිනාට්‍යය නිලිය විදියට සම්මාන ලබා ගන්නට වාසනාවන්ත වෙනවා. ඉතින් ගැමි චරිත වගේම නාගරික චරිතයක් වුණත් හරිම ආකාරයෙන් ප්‍රේක්ෂකයා හමුවට එන ඇයට ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය ලබා ගන්නවා.

නිරන්තරයෙන්ම පුංචි තිරය හරහා දැක බලා ගන්න පුලුවන් ශලනිව අපිට සිනමා නිර්මාණ හරහා ද දැක බලා ගන්න පුලුවන්. ඉතින් ශලනි තාරකා මේ දිනවල පුංචි තිරය හරහා ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඇයට ආදරය කරන රසික ජනතාවට දැක බලා ගන්න පුලුවන්. ඒ ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ ස්නේහා විදියට සහ ‘හීනයකි මේ ආදරේ’ ටෙලිනාට්‍යයේ පාරමි විදියටයි.

ඉතින් ප්‍රේක්ෂකයන් වැඩියෙන්ම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් විදියට ශලනි තාරකා 2023 නව වසර ආරම්භ කලේම රෝහලේ සිටයි. ඇයට හදිස්සියේම ඩෙංගු රෝගය වැළදිලා රෝහල් ගත වෙලා කියලා ඇගේ සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයන් දැන ගත්තා. ඉතින් මේ වන විට පෙම්වතියක් වෙන ශලනි ආදරය ගැන කිව්වේ මෙ වගේ අදහසක්.

” මම දැන් ආදරය උපරිමයෙන් විදිනවා. මගේ පරණ ආදර කතාව නවත්තලා දැන් අවුරුදු 8ක්. හැබැයි තවම අපි දෙන්නා හොදම යාලුවෝ. හොරෙන් බදින්නෙ නෑ. හැමෝටම කියලා විවාහ වෙන්නෙ. ආදරය නිසා දුක් විදලත් තියෙනවා. මම ක්ශේෂ්ත්‍රයට එද්දිම හිතන් හිටියේ විවාහ වුනාම රගපාන එක නවත්තනවා කියලා. මොකද මම ආසයි ළමයි හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. විවාහ වුනාම රංගනයෙන් සමු ගන්නෙ හරිම සතුටින්.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *