Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට කට්ටිය මහත වැඩියි, ඇගේ හැඩයක් නෑ මෙලෝ රහක් නැති කෙනෙක් කියලා කිව්වා

දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ හිටපු, අහිංසක ලිහිණි චරිතයට පණ පෙවූ ඒ සුරූපිනිය තමයි ශලනි ප්‍රනාන්දු කියන්නේ. ඇයව දෙවෙනි ඉනිමෙන් ඉවත් වුනාට මේ වන විට නැවත පුංචි තිරය හරහා ප්‍රේක්ෂක අපේ ආලින්දයට එනවා. ඒ ලොක්කිගේ කතාව හරහා. එහි සමාධි විදියට තමයි ඇය රංගනයෙන් දායක වෙන්නේ.

පුංචි තිරයේ ඉතාම අහිංසක චරිතවලට රංගනය කරන ශලනි තවම ඇගේ සැබෑ ජීවිතේනම් පෙම්වතියක්නම් නෙමෙයි. ඒ ගැන කිසිම අදහසක් නැති ශලනි අම්මට ඇගේ සහකාරයා සොයන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් සරල චාම්, නිහතමානී රංගන ශිල්පිනියක් වන ශලනි ඇගේ අවංකකම හොද වැඩිකම මේ ක්ශේෂ්ත්‍රයේ රැදෙන්න අපහසු දෙයක් කියලයි කියන්නේ.

ඉතින් ශලනි බලාපොරොත්තු වෙන පෙම්වතා සහ ඇගේ ශරීරයේ හැඩය ගැන ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම කැමති ආදරය, අවධානය සහ රැකවරණය අනිවාරෙන්ම තියෙන්න ඕන. මුදල් අවශ්‍යයි ජීවත් වෙන්න. නමුත් ඒක ඉහලින්ම තිබියු යුතුදෙයක් නෙමෙයි. දෙන්නම මහත වෙන්න ඕන නැහැනේ. ඒ නිසා එයා උස තිබුණොත් ඇති. මුල් කාලේ මට කට්ටිය කිව්වා මහත වැඩියි, ඇගේ කිසි හැඩයක් නෑ, මෙලෝ රහක් නෑ කියලා. මම පොඩි කාලෙ ඉදලම මහතයි. ඉතින් මගේ ළග ඉන්න අය මගේ මහත මාව පිලිගන්නවනම් මට ප්‍රශ්නයක් නෑ.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි ප්‍රනන්දු ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇය බලාපොරොත්තු වෙන ආකාරයේම කෙනෙක් ඇයට ලබා ගන්න හැකි වෙන්න කියලා අපි සුබම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *