Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ඉස්සර අම්මා මට බනිනකොට ඒ කියන හැම වචනයක්ම මම පොතක ලියනවා, තවම ඒ පොත තියෙනවා

ශලනි ප්‍රනාන්දු කිව්වම මේ වන විටනම් පුංචි තිරය නරඹන ඕන කෙනෙක් දන්නවා. ඊටත් එහා ලොක්කි කිව්වම දන්නැති කෙනෙක් නෑ. ඉතින් දෙරණෙහි විකාශය වෙන ‘ලොක්කි 2’ කතාවේ මේ දිනවල දැක ගන්න පුලුවන් ශලනිට හැමෝගෙම ආදරය ලැබෙනවා. ඉතින් ශලනි ප්‍රනාන්දු කියන්නේ පුංචි තිරයේ වගේම ඇගේ සැබෑ ජීවිතේදිත් ඉතාම නිහතමානී චරිතයක්.

දෙවෙනි ඉනිමේ රංගනයෙන් දායක වුන ශලනි ප්‍රනාන්දු දෙවෙනි ඉනිමෙන් අයින් වෙන්නේ දිගු කාලයක සිට දෙවෙනි ඉනිමත් එක්ක රැදී සිටි නිසයි. නමුත් ශලනි ගැමි චරිත වලට වැඩිපුර රංගනයෙන් දායක වෙන්නේ. ඇගේ දිගු කෙස් කලඹත් ඊට හොද පිහිටීමක්.

ඉතින් හරිම ආදරණීය විදියට දෙබස් වලින් ප්‍රේක්ෂකයන්ව ආමන්ත්‍රණය කරන ශලනි ඇගේ කුඩා කාලය ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනි වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ගොඩක් පොඩි කාලේ අපේ තාත්තා නැති වුණා. ඉතින් අම්මා ජොබ් එකක් කරලා සල්ලි හොයාගෙන ටිකක් සෙට්ල් වෙනකම් මම ගොඩක් හිටියේ පුංචිලා එක්ක. ඉතින් ඉස්සර අම්මා මට බනිනකොට මම ඒ හැමදේම පොතක ලියනවා අකුරක් නෑර. දුකට තමයි එහෙම කරන්නේ. පුංචිලාට මම ඒවා පෙන්නුවම එයාලා අම්මට බොරුවට බනිනවා. ඉතින් මේ ළගකදි අම්මා මට කිව්වා ඒ පොත තවම අම්මා ලග තියෙයිලු.”

මේ විදියටයි ජනප්‍රිය සුරූපි රංගන ශිල්පිනී ශලනි ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *