මගේ ආදරේ හංගගෙන හිටපු නිසා තමයි පරිස්සම් කරගන්න පුලුවන් වුණේ
අවුරුදු ගණනාවක්ම එක දිගට ජනප්‍රිය නිළිය කාණ්ඩය නියෝජනය කරපු ඇය සුරූපි දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා. ඉතින් සම්මානනීය රංගන ශිල්පිනී ශලනි රංගනය කල ටෙලිනාට්‍යය ගණන් කල නොහැකි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ තරමට ඇය රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තියෙනවා.
මෑත කාලයේ ඇයව වැඩිපුර කතා බහට ලක් වුණේ සිරස නාලිකාවේ විකාශය වූනු ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ ස්නේහා විදියටයි. ඉතින් දැන් ආයෙමත් ශලනිගේ අලුත්ම කතාවක්වන ‘අක්ෂි’ ටෙලිනාට්‍යය තුළිනුත් දැක ගන්න පුලුවන්.

ඉතින් ජනප්‍රිය ටෙලිනාට්‍යය රංගන ශිල්පිනියක් විදියට ශලනි ජනප්‍රියත්වය ලැබුවත් ඇයට ලැබෙන ටෙලිනාට්‍යය ආරාධනාවන් ඇය විසින් ප්‍රතික්ශේප කරන්නේ නෑ. මේ දිනවල ශලනිගේ ආදර කතාවක් ගැන හැමෝම කතා බහ වෙනවා. නමුත් ඇය පැහැදිලිව ඇගේ පෙම්වතා මාධ්‍යට පෙන්වලා නෑ සහ ඔහු ගැන තවම රසිකයින්ට හදුන්වා දීලා නෑ. ඒ ගැන ශලනි මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම පහුගිය දවස්වල ලංකාවේ හිටියෙ නෑ. විදෙස් ගත වෙලයි හිටියේ. මගේ ආදර කතාව මේ කාලයක් ගෙනියන්න පුලුවන් වුනේ ඒ ගැන නොකියා හිටපු නිසයි. නමුත් මම කිව්වෙ නැති වුණාට ගොසිප්නම් යනවා ඒ ගැන. මම දැන්ම ඔහු ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. පසුවට කියන්නම්. ඒකට හරි කාලය ආවම. ඉක්මනටම විවාහ වෙනවා.’’
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා අදහස් දක්වලා තිබුණේ.