බබා ලැබෙන්න ඉද්දි මම කලු වෙලා කැත වුණා, හැමෝම කිව්වට පුතෙක් කියලා ලැබුණෙ දුවෙක්
තෝඩු, නාඩි වැනි ටෙලිනාට්‍යය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගත්ත ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී සෙව්වන්දි නයනතාරා. බොහෝ කලා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට එන්න නොහැකි වුණත් සම්බන්ධ වුණු කලා නිර්මාණ තුලින් ඇයට රසික ආදරය ඉහලින් ලබා ගන්නට හැකි වුනා. ඉතින් සෙව්වන්දි නයනතාරා ගැන පසු ගිය කාලයේදී හැමෝම වගේ කතා කරන්නට වුණා.

තම කලා ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය තුළත් ඉතා සාර්ථක කාන්තාවක් වන සෙව්වන්දි මේ වන විට ආදරණීය මවක්. ඉතින් උතුම් මාතෲත්වය ලබපු සෙව්වන්දි ඇගේ ඒ අත්දැකීම ගැන මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ.
” බබා ලැබෙන්න ඉද්දී ගොඩක් බයෙන් හිටියේ. වෙව්ල වෙව්ල තමයි ගියේ. නමුත් බබා දැක්කම ඒ හැම බයක්ම නැති වුණා. බබා ලැබෙන්න හිටපු මුල් දවස්වල මම කළු වෙලා කැත වුණා. හැමෝම කිව්වා පුතෙක් වෙන්න ඇති කියලා. නමුත් ආයේ මාස තුනක් විතර ගියාම ආයේ ලස්සන වුණා. මමයි සැමියයි දෙන්නම කැමැත්තෙන් හිටියේ දුවෙක්ට.”

ඉතින් මේ වන විට තම ජීවිතය චූටි දුව වෙනුවෙන්ම තමයි සෙව්වන්දි කැප කරලා තියෙන්නේ. ඇගේ දියනියගේ නම සියෙනා ස්කයිලි. ඉතින් ජනප්‍රිය රංගන ශිල්පිනී සෙව්වන්දි නයනතාරා මේ විදියටයි ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ සුන්දර කදැල්ලට අපිත් සුබම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.