මුලින්ම දුව දකිද්දි මටයි සැමියටයි ඇඩුනා, මට සම්මානයක් ලැබුණා ඒ මගේ දුව
තෝඩු, නාඩි ටෙලි නාට්‍ය හරහා කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත්වුණු ඇය රංගන ශිල්පිනී සෙව්වන්දි නයනතාරා වේ. මේ දිනවල නම් පුංචි තිරය හරහා දැකගන්නට ලැබුණේ නැතත් සෙව්වන්දිට එදා ලැබුණු ප්‍රේක්ෂක ආදරය තවමත් ප්‍රේක්ෂක හදවත් හි තියෙනවා. ඉතින් ඇය කලාවෙන් තාවකාලිකව සමු අරන් තියෙන්නේ උතුම් මව් පදවිය ලැබීමත් සමඟයි.

කුළුදුලේ මව් පදවිය ලබපු සෙව්වන්දි නයනතාරා මේ වෙන විට පුංචි දියණියකගේ මවක්. ඇගේ දියණියට දැන් මාස තුනක් වෙනවා. දියණිය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරලා තියෙන සෙව්වන්දි බබා ලැබෙන්න ඉන්න විට මුල් කාලෙදි කැත වෙලා කළු වෙලා හිටියෙ. ඉතින් ගොඩක් අය කිව්වේ ඇයට පුංචි පුතෙක් ලැබෙන්න යන්නේ කියලා. නමුත් මේ මේ ටික කාලයක් යන විට ඇය නැවත යථා තත්ත්වයට පත් වුණා. ඉතිං පුංචි දියණියකට තමයි සෙව්වන්දිත් ඇගේ සැමියාත් කැමැත්තෙන් හිටියෙ. ඉතින් ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි කුලුදුල් මව් පදවිය ගැන අදහස් දක්වලා තිබුණේ.
” බබා ලැබෙන්න ඉද්දි මාස නවයම වගේ මට වමනෙ ගියා. මම අම්මගෙන් ඇහුවා මව් මව් පදවිය ලබන්න මම පොඩි වැඩියි ද කියලා. බබා ලැබෙන්න යනකොට මම වෙවුල වෙවුල ගියේ. නමුත් එයාගේ මුහුණ දැක්කම මට කියාගන්න බැරි සතුටක් ආවා. මටයි මහත්තයාටයි දුවගේ මුණ දැක්කම මුලින්ම ඇඬුණා. දැනුමට සම්මානයක් ලැබිලා වගේ.

අපේ දුවගේ නම සියෙන් ස්කයිලි. මම නම තියද්දි අකුරු බැලුවෙ නෑ. මට ඕන වුණේ ලස්සන නමක් දූවට දාන්න. කලාවෙන් අයින් වුණ එකට මට දුකක් නෑ. බබා ලැබෙන්න ඉද්දි විදෙස්ගතව හිටියේ. භාරගත ටෙලි නාට්‍යය දෙකක් ප්‍රතික්ශේප කළා. අපේ අලුත් ගෙදර හදලා ඉවරයි. අපි ලඟදිම ඒකෙ පදිංචියට යන්න ඉන්නේ.’’
මේ විදියටයි රංගන ශිල්පිනී සෙව්වන්දි නයනතාරා ඇගේ අදහස් දක්වලා තිබුණේ.