මම විවාහය දකින්නේ හරිම බැරෑරුම් දෙයක් විදියට, මොන කටකතා ගියත් තවම මම විවාහ වෙලා නෑ
ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයේ හිනි පෙත්තට ගිය ඒ අපූරු ටෙලිනාට්‍යය තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. ඉතින් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සුදු චූටි විදියට සරා සමගින් පෙම් බැදි ඇය සැබෑ ජීවිතයේදී සෙනාලි ෆොන්සේකා. ඉතින් සෙනාලි කියන්නේ කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම සිය පවුලෙන් ලබා ගත්ත කෙනෙක්.

කවදහරි හොදම නිළිය විදියට සම්මානයක් ලබා ගැනීම තමයි සෙනාලිගෙ බලාපොරොත්තුව. ඉතින් ඇය සම්මානනීය රංගන ශිල්පිනියක් විදියට ආඩම්බර වෙනවා වගේම ඇයට සුදු චූටි චරිතයෙන් ගත් ප්‍රේක්ෂක ආදරය ඉතාම ඉහලයි. හිතට දැනෙන චරිත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න සෙනාලි හොද චරිත නිර්මාණයක් එන තුරු බලන් ඉන්නවා.
ඉතින් විවාහ වෙන වයසේ පසුවන ඇය ආදරය ගැන කිව්වේ මේ වගේ අදහසක්.
” මම විවාහය කියන දේ දකින්නේ හරිම බැරෑරුම් විදියට. මොකද විවාහ වෙනවා කියන දේ සෙල්ලමක් නෙමෙයි. මම දික්කසාද වෙන්න බලාගෙන විවාහ වෙන්න කැමති නෑ. ආදරය විදලත් තියෙනවා. ආදරය නිසා විදවලත් තියෙනවා. මම ගැන කටකතා යනවා විවාහ වෙලා කියලා. මොන කට කතා පැතිරුණත් මම තවම විවාහ වෙලා නෑ. ”

මේ විදියටයි සෙනාලි ෆොන්සේකා ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇයට හොද ආදරයක් ලැබෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.