මට ළමයි 4 දෙනෙක් හම්බවෙන්න ඉදලා නැති වුණා, දැන් ඉන්නේ 5 වෙනි ළමයා
කාලයක සිට රංගන ක්ශේෂ්ත්‍රය තුළ විවිධ කැපී පෙනෙන චරිත රංගනය කල ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ. ඇය රංගනය කල ‘යස් බොස්” කතා මාලාවේ රෝෂිනී චරිතයට ඇයට තවමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මේ වන විට සේමිණී ඉද්දමල්ගොඩ ගැන අමුතුවෙන් කිව යුතු නෑ. ඇය රංගනයෙන් දායක වෙන ‘එයා දැන් බැදලා’ ටෙලිනාට්‍යයේ සුද්දී චරිතයට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

මෙම ටෙලිනාට්‍යයේ චරිත රංගනයට සේමිණීට වැඩිපුර ප්‍රේක්ෂක විරෝධයන් වලටත් මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ කොහොම වුණත් ඇය රංගන ශිල්පිනියක් වගේම ඇගේ ගෙදරට හොද බිරිදක් වගේම අම්මා කෙනෙක්. ඉතින් ඒ උතුම් මව් පදවිය ගැන සේමිණී මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.
” මම පොඩි කාලේ ඉදලම අනාගත බලාපොරොත්තුව කිව්වම කියනෙ අම්මා කෙනෙක් වෙන එක කියලා. අවුරුදු 13 දි වගේ මම විවාහයක් ගැන හිතුවා. මම හිතන්නේ විවාහ වෙන්න සුදුසුම වයස අවුරුදු 21 කියලා. මම අපේ අම්මලාට කිව්වා මට ධම්මිකව මුණ ගැහුනම එයාව බදින්න ඕන කියලා. බැන්දගමන් අපි දෙන්නගෙම ආසාව වුනේ දරුවෙක් හදන්න.

ඉතින් මම බැදලා අවුරුදු 6 කින් වගේ තමයි ළමයෙක් හදාගන්න පුලුවන් වුනේ. එතකම් මට ළමයි 4 දෙනෙක් හම්බවෙන්න ඉදලා නැති වුණා. දැන් ඉන්නේ මගේ පස්වෙනි ළමයා. මට එහෙම ළමයි හම්බවෙන්න ඉදලා නැති වෙනකොටත් මගේ හිත වත්තු අහනවා ඇයි ළමයි නැත්තේ කියලා. එහෙම අහන එකනම් අන්තිම කැත වැඩක්. මම ගොඩක් දුක් විදපු කෙනෙක්. දරුවො හම්බවෙන්න ඉදලා මාසෙන් දෙකෙන් නැතිවෙනකොට ඒ දැනෙන දුක දරාගන්න බෑ.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ ඇගේ අදහස් දක්වලා තිබුණේ.