Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

විවාහයෙන් පස්සේ කලාවට ආපු නිසා රිදී තිරයේ අවස්ථාවන් ගිලිහුනා

පුංචි තිරය, රිදී තිරය කියන මේ ක්ශේෂ්ත්‍රයන්හී තම රංගන දක්ෂතා මැනවින් පෙන්නුම් කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ. සේමිණී රංගනයෙන් දායක වුණු ‘යස් බොස්’ කතා මාලාව තවමත් ප්‍රේක්ෂක හදවත්වල ආදරය ලබා ගෙන තිබෙනවා. යස් බොස් රෝෂිනීට ගොඩක් දෙනෙක් ආදරේ කරනවා.

ඒ වගේම මේ දිනවල මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය රංගනයෙන් දායක වෙන අලුත් ටෙලි නිර්මාණයක් වන ‘ එයා දැන් බැදලා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන සුද්දිට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඉතින් මේ චරිතය ඇය බාර ගත්තේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන කුමන හෝ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්.

ඉතින් සේමිණී ඉද්දමල්ගොඩ දක්ෂ රංගන ශිල්පිනිය කලා ක්ශේෂ්ත්‍රයට පිවිසෙන්න ඇයට ලොකු සහයෝගයක් ශ්‍රීයානි අමරසේන මහත්මියගෙන් ලැබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් කලා ක්ශේෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියන්ගෙන් හොද ප්‍රතිචාර ඇයට මෙම ටෙලිනාට්‍යය නිසා ලැබුණා කියලත් ඇය සදහන් කලා. ඉතින් ක්ශේෂ්ත්‍රයේ ලැබුණු නිර්මාණ ගැන ඇය හිතන විදිය මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම කලා ක්ශේෂ්ත්‍රයට ආවේ විවාහයෙන් පසුවයි. ඒ නිසා මට සිනමා නිර්මාණ ගොඩක් ගිලිහුනා. ඒ කොහොම වුණත් යකඩ පිහාටු, සුදු හංසී, සිනහව අතරින් වැනි නිර්මාණවල රංගනය කරන්න අවස්ථාව ලැබුණත් සාපේක්ෂව මට රිදී තිරයෙන් ආරාධනා ආවේ අඩුවෙන්. මම විවාහ වෙලා කලාවට ආවට මට අවස්ථා නැති වුනාට ශ්‍රියානි අමරසේන අක්කත් ක්ශේෂ්ත්‍රයට ආවේ විවාහයෙන් පසුව. නමුත් ඇය රිදී තිරය තුළ ජයග්‍රාහී ගමනක් ගියා.”

මේ විදියටයි සේමිණි ඉද්දමල්ගොඩ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *