Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අවුරුදු 36ක් වැඩ කලේ ගුරුවරයෙක් විදියට, විශ්‍රාම ගියේ ඉගෙන ගත්ත පාසලේ සහකාර විදුහල්පති විදියට ඉදලා

වේදිකාව, පුංචි තිරය සිනමාව තුළ තම දක්ෂතා මැනවින් පෙන්වපු ඔහු අපේ රටේ ඉන්න ප්‍රවීන රංගන ශිල්පියෙක් තමයි සරත් කුලාංග කියන්නේ. ඔහු මේ දිනවල පුංචි තිරය හරහා ටෙලිනාට්‍යය කිහිපයකින්ම දැක බලා ගන්න පුලුවන්. ඒ කෝලම්කුට්ටම ටෙලිනාට්‍යයේත්, නීල පබළු ටෙලිනාට්‍යයේත්, මැස්සා ටෙලිනාට්‍යයේත් විවිධ චරිත රංගනයන් හරහා දැක ගන්න පුලුවන්.

ඊට අමතරව වේදිකා නාට්‍යය කිහිපයක් හරහාත් කාර්යබහුල වෙලා ඉන්න සරත් කුලාංග ආදරණීය කලා ශිල්පියාට ඔහුගේ කලා ක්ශේෂ්ත්‍රයේ ළගම යාලුවන් කතා කරන්නේ සකු කියලයි. මේ වන විට විවාහ වෙලා දරුවන්ගේ වැඩ කටයුතුත් අවසන් කරලා නිදහසේ ජීවත් වෙනවා. ඉතින් ඔහුට ඇගේ ආදරණීය බිරිද මුණ ගැහෙන්නේ පාසලේදී. ඉතින් ඒ සමබන්ධය නැවතුනත් නැවත් ආදරය කරලා නිවසින් දෙමාපියන්ගෙ කැමැත්ත පරිදි විවාහ වෙනවා.

ඉතින් සරත් කුලාංග ආදරණීය කලා ශිල්පියා ඔහුගේ වෘත්තීයන් ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම අවුරුදු 36 ක් වැඩ කලේ ගුරුවරයෙක් විදියට. අවසානයට මම වැඩ කලේ මම ඉගෙන ගත්ත පාසලේ පානදුර ඉස්කෝලේ සහකාර විදුහල්පති විදියට තමයි මම විශ්‍රාම ගත්තේ. මම නාට්‍යය හා රංග කලාව උගන්වලා තියෙයි ළමයිට සත පහක්වත් ගන්නැතුව. ඒක මට හරිම සතුටක් මට.මගේ බිරිද සේවය කලේ වරාය අධිකාරියේ. දැන් විශ්‍රාමිකයි. මගේ දුව දැනට ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ උසස් පෙළ අංශය බාරව කටයුතු කරනවා. ඊට අමතරව කථිකාචාර්යවරියක් හැටියටත් වැඩ කරනවා. පුතා කාගිල්ස් බැංකුවේ සහකාර කලමනාකාරවරයෙක් විදියට සේවය කරනවා. ”

මේ විදියටයි ප්‍රවීන රංගන ශිල්පී සරත් කුලාංග අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *