අද කාලේ තරුණයන්ගේ සිහින කුමරිය දිනක්ෂිව සහේට ගත්ත සාරංගගේ කලා තරු පිරිවරා සමරපු උපන්දිනය
ගායකයෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් විදියට ප්‍රේක්ෂක අපි කවුරුත් ආදරය කරන ඒ දක්ෂ කඩවසම් තරුණයා තමයි සාරංග දිසාසේකර කියන්නේ. ඔහු පුංචි තිරය වගේම සිනමාවත් එක ලෙස ආක්‍රමණය කල දක්ෂ කලා ශිල්පියෙක්.

පුංචි තිරය හරහා නිතරම අපිට මුණ ගැහෙන සාරංග ගැන පසුගිය දා හැමෝම කතා බහ කලේ හිරුස්ටාර් වැඩ සටහන නිවේදනය කල නිසාවෙනි. චතුර ලෙස කතාවට දක්ෂතා දක්වන සාරංග පෙම්වතා විදියටත් හරි අපූරු විදියට ප්‍රේක්ෂකයා අතරට ආවා.
ඉතින් මේ වන විට සිය පෞද්ගලික ජීවිතයේදී ආදරණීය සැමියා විදියටත් ආදරණීය පියෙකුගේ භූමිකාවත් රග දක්වනවා. ඔහු විවාහ කරගත්තේ කලා පවුලක් වන ප්‍රියසාද් පවුලේ ලොකු දුව දිනක්ෂි ප්‍රියසාද් කියන ජනප්‍රිය රංගන ශිල්පිනියයි.

ඉතින් දිනක්ෂිත් සාරංගත් මේ වන විට දරු සුරතල් විදිමින් ඉන්නවා. ඔවුන් දෙදෙනාගේ සිගිති හුරතල් දියණිය සාරන්‍යා ගැනත් හැමෝම කතා වෙනවා. ඒ තරමටම ඇයත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගන්නවා. ඉතින් පසුගිය දා සාරංග දිසාසේකරගේ උපන්දිනය යෙදිලා තිබුණා. කලා ලොවේ බොහෝ දෙනාගේ වගේම ප්‍රේක්ෂකයන්ගේ සුබ පැතුම්ද ඔහුට ලැබුණා. ඉතින් පවුලේ අය සහ ඔහුගේ ළගම හිතවතුන් එකතුවෙලා සාරංග දිසාසේකරව පුදුමයට පත් කරවලා තිබුණේ මේ විදියටයි. ඉතින් පසු ගිය දා උපන්දිනය සමරපු සාරංග දිසාසේකරට අපිත් සුබම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.