Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

දුව වැඩියෙන්ම ආදරේ සාරංගට, එයාගේ ඇගේ එල්ලීගෙනමයි

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දුව වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අමුතුවෙන් හදුන්වා දෙන්නට අවශ්‍ය කෙනෙක් නෙමෙයි. කුඩා කාලයේ ඉදලම ඉතා ජනප්‍රිය චරිතයක් වන දිනක්ෂි විවාආ වුණේ සාරංග දිසාසේකර නමැති ඒ කඩවසම් තරුණයා සමගයි. මේ වන විට සතුටින් විවාහ ජීවිතය ඉතා සාර්ථක කරගෙන යන සාරංග සහ දිනක්ෂිගේ කැදැල්ලට ආදරය වැඩි කරන්නේ ඔවුන්ගේ පුංචි බබා සාරණ්‍යා.

ඉතින් ඉතාම සතුටින් ජීවත් වෙන සාරංගත් දිනක්ෂිත් රංගනය කම ‘යාලුවෝද යාලුයිද’ නිර්මාණය හරහා ඔවුන් මේ වන විට ඉතාම ජනප්‍රියයි. අමුතුවෙන් ජනප්‍රියත්වයක් නිර්මාණය කරගන්නට ඕන කමක් නැති දිනක්ෂිත් සාරංගත් හැමදාම සමාජ මාධ්‍ය තුල ඉතා ජනප්‍රිය දෙන්නෙක්. ඉතින් ඔවුන්ගේ පුංචි දෝණි සාරණ්‍යා ගැන මේ විදියටයි දිනක්ෂි අදහස් දක්වලා තිබුණේ.

” අපේ බබා වැඩියෙන්ම ආදරේ සාරංගට. එයාගේ කටහඩ ඇහුනත් ඇති. එයගෙ ඇගේ එල්ලීගෙනමයි ඉන්නේ. එයාට සාරංග එක්ක ඉන්නකොට කාවවත් මතක නෑ. තාත්තම තමයි එයාගේ ජීවිතේ.”

ඉතින් ප්‍රියසාද් පවුලට මුලින්ම ආපු මිණිබිරිය තමයි සාරණ්‍යා. ඉන්පසු ශේෂාද්‍රිගේ දුව ක්‍රිෂාර්යයා. දූවරුන්ගෙන් සැදුම්ලත් පවුලට එලුතින් එකතුවෙන්නේත් කාන්තා පාර්ශවයම තමයි. ඉතින් ඔවුන්ගේ ඉදිරි ජීවිතයට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *