නිළියක් වෙන හීනෙ හැබෑ කරගන්න මම හැම අවුරුදු කුමාරි තරගයකටම ඉල්ලුම් කලා
පුංචි තිරයේ කැපී පෙනෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට පෙන්වා දෙන්න පුලුවන් නව පරපුරේ රංගන ශිල්පිනියක් තමයි සංජානා ගමාරච්චි කියන්නේ. සංජානාව අපිට දැක ගන්න පුලුවන් ඇය රංගනයෙන් දායක වෙන හිරු නාලිකාවේ විකාශය වෙන ‘ දිවිතුරා’ ටෙලිනාට්‍යයේ ටීනා විදියට. කපටි නපුරු චරිතයක් හරහා අපි අතරට එන සංජානා පුංචි තිරයේ දගකාරියක් විදියටත් හැමෝම ආදරේ කරනවා.
ඉතින් සංජානා ගමාරච්චි ගැන මෑතකදී වැඩිපුරම කතා බහට ලක් වුණේ හිටි හැටියේ කවුරුත් පුදුම කරවමින් ඇය විවාහ ගිවිස ගැනීමත් එක්කයි. ඉතින් කවුරුත් උනන්දුවෙන් හොයන්න ගත්තේ සුරූපි සංජානගෙ අත ගත්ත ඒ කඩවසම් තරුණයාගේ වග තුගයි.

ඉතින් ඒ කොහොම වුණත් සුරූපි සංජානාගේ අම්මගෙ වියෝවත් එක්ක ඇය මානසිකව වැටෙනවා. ඉතින් තාත්තා සහ නංගි සමගින් ගෙදර ඉන්න සංජානා ඉක්මනින්ම ඇගේ වෙඩින් එක ගන්නත් සූදානමින් ඉන්නේ. සංජානගෙ මංගල උත්සවය වෙනස්ම් විදියකින් කරයි කියලා හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉතින් අද වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සංජානා ගමාරච්චි රංගන ශිල්පිනියක් වුණ ආකාරය ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මගේ පොඩි කාලේ ඉදලා තිබුණු හීනයක් තමයි නිළියක් වෙන එක. ඉතින් මම හිතුවා අවුරුදු කුමාරියක් වෙන්න ඕන කියලා. මම හැම චැනල් එකකම යන අවුරුදු උත්සව හැම එකකටම ඇප්ලයි කලා. හිරු නාලිකාවේ 2018 වසරේ අවුරුදු කුමරිය තරගාවලියේ හොදම 12 දෙනාට මම තේරුනා. දිනන්න ලැබුණෙ නෑ. ඊට පස්සේ දෙරණෙ නාලිකාවේ 2019 අවුරුද්දේ මම අවුරුදු කුමාරිය 3 වන ස්ථානය ලබා ගත්තා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී සංජානා ඇගේ අදහස් දක්වලා තිබුණේ.