Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ආස කලු කොල්ලන්ට, කලු කොල්ලො මරු – සුරූපි සංජානා

අවුරුදු කුමරිය තරගාවලියක් හරහා ක්ශේෂ්ත්‍රයට ආපු සංජානා මේ වන විට රටේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය මේ වන විට පුංචි තිරය හරහා නිතරම ප්‍රේක්ෂක අපේ ආලින්දයට එනවා. ඒ ඇය හිරු නාලිකාවේ විකාශය වෙන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ සහ ‘ලංවී’ ටෙලිනාට්‍යය හරහා.

ඉතින් ජනප්‍රියත්වය ලබා ගෙන ඉන්න සංජානා ගැන සමාජ මාධ්‍ය නිතරම පාහේ කතා කරන්නට උත්සහ කරන්නේ ඇය කියන හැම දෙයක්ම වයිරල් වෙන නිසා. ඉතින් සංජානා පසුගිය කාලයේදී වැඩ සටහනකට සහභාගි වෙලා කියපු දෙයක් එක්ක ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් හොද කමෙන්ට් වගේම නරක කමෙන්ට් අහන්නත් සිදු වුණා.

විවිධ ප්‍රතිචාර මධ්‍යයේ නොසැලී නොවැටී ඉදිරියට යන සංජානා පසුගිය දවසක විවාහ ගිවිස ගැනීමත් එක්ක නැවතත් හැමෝම ඇය ගැන හැමෝම කතා කරන්නට උනන්දු වුණා. ඇය ඇගේ සැමියා සමගින් ලස්සන විවාහ උත්සවයක් ගන්නයි මේ වන විට සූදානමින් ඉන්නේ. ඉතින් සංජානා එක්තරා මාධ්‍ය හමුවකදී දක්වලා තිබුණු අදහස් කිහිපයක් තමයි මේ.

” තරමට වඩා සුදු කොල්ලන්ට මම කැමති නෑ. එතකොට කෙල්ලන්ගෙන් පරිස්සම් කරගන්නත් වෙනවනෙ. මම කැමතියි කලු කොල්ලන්ට. කලු කොල්ලො මරු. මමනම් ඉස්සර ඉදන්ම සුදු කෙනෙක්. ක්ශේෂ්ත්‍රයට එනකොට ගොඩක් සුදුයි මම. දැන් පාට අඩු වෙලා. වෙන කෙනෙක්ව කට ඇරලා අගය කරන්න පුරුදු වෙන්න. අනික අනුන්ගෙ කුනු හොයන්න යන්න එපා. මටනම් අනුන්ගෙ කුනු හොයන්න වෙලාවකුත් නෑ.”

මේ විදියටයි සුරූපි සංජානා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *