Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

කවුරු මගේ ජීවිතේට හම්බවුණත් මගේ අම්මා තාත්තා තමයි අංක එක – කඩවසම් රංගන ශිල්පී සංගීත් සතරසිංහ

අපේ රංගන ක්ශේෂ්ත්‍රය තුළ ජ්‍යෙෂ්ඨ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් වන සුරංග සතරසිංහ කියන්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්. ඉතින් ඔහුගේ පුතා ගැනත් ගොඩ දෙනෙක් දන්නවා. ඒ මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලැබෙන රංගන ශිල්පියෙක් විදියට. ඔහු අසිරිමත් දළදාගමනය ටෙලිනාට්‍යයේ සහ කී ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා.

ඉතින් සංගීත් කියන මේ තරුණියන්ගේ වැඩි ආකර්ෂණයක් ලබා ගෙන තිබෙන කඩවසම් රංගන ශිල්පියාගේ යූ ටියුබ් නාලිකාව වන සංගීත් ව්ලොග්ස් කා අතරත් ජනප්‍රියයි. ඒ වගේම සංගීත් සහ දිනිති වල්ගමගේ අතර ඇති ආදර සම්බන්ධය ගැන ද ප්‍රේක්ෂකයන් වැඩි පුර කතා බහ කරන්නට වුණා.

ඉතින් පවුලෙ එකම දරුවා වන සංගීත් අම්ම සහ තාත්තා සමගින් හුරතලයෙන් ජීවත්වෙනවා. ඔහුගේ ජීවිතයේ එක් අවස්ථාවකදී ඔහු පරාජය වෙනවා. ඉතින් සංගීත් ඔහුගේ අම්මයි තාත්තියි ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මගේ ජීවිතේට කොයි තරම් අලුත් කට්ටිය ආවත් මගේ අංක එක අම්මියි තාත්තියි. මොකද අනිත් හැමෝටම වඩා අම්මියි තාත්තියි ලබාදෙන ආදරේ නිර්ව්‍යාජයි. ඉතින් මට මගේ ජීවිතේ එකපාරක් වැරදුනා. මගේ ජීවිතේ අංක එක අම්මියි තාත්තියි මුල්ම. ඊට පස්සේ තමයි අනිත් හැමෝම පෙළ ගැහෙන්නේ.’’

ඉතින් මේ විදියටයි සංගීත් සතරසිංහ අදහස් දක්වලා තිබුණේ. හරිම ආදරණීය පවුලක් තමයි සංගීත්ගේ තියෙන්නේ. කවුරුත් ආදරය කරන සංගීත්ගේ පවුලේ හැමෝගෙම වැඩ කටයුතු සාර්ථක වෙන සුබ අනාගතයකට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *