මම ගණන් වලට ලකුණු 45ක් ගත්තා කියලා මාව ගෙදරින් එලියට දැම්මා, අපේ අම්මී ගුරුවරියක්
මේ වන විට අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න කැපී පෙනෙන රංගන ශිල්පියෙක් විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින් ලබා ගන්න රංගන ශිල්පියෙක් තමයි සංගීත් සතරසිංහ කියන්නේ. සංගීත්ට තරුණියන්ගේ ආදරයනම් නිතැතින්ම ලැබෙනවා. ඒවගේම සංගීත් රංගනය කරන ටෙලිනාට්‍යය විදියට මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යය කිහිපයක ඔහු රංගනය කරනවා.
පාර දිගේ ටෙලිනාට්‍යයේත්, කී ටෙලිනාට්‍යයේ වගේම අසිරිමත් දළදාගමනය ටෙලිනාට්‍යයේ සංගීත්ගේ ඉතා දක්ෂ රංගනය අපිට දැක ගන්න පුලුවන්. ඉතින් කවුරුත් ආදරය කරන සංගීත්ගේ ආදරණීය පියා අපි කවුරුත් දන්න ප්‍රහසන රංගන ශිල්පියෙක් වන සුරංග සතරසිංහයි.

ඉතින් ගෙදර එකම දරුවාවන සංගීත් අම්මයි තාත්තයි එක්ක හරිම ආදරයෙන් ජීවත් වෙනවා. සංගීත්ගේ මව ප්‍රාථමික ගුරුවරියක්. ඉතින් ගෙදර අධ්‍යාපන පසුබිමක් තියෙන සංගීත් පාසල් යන කාලේ අධ්‍යාපනය ගැන තිබුණු අත්දැකීම් මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” අපේ අම්මා ප්‍රාථමික ගුරුවරියක්. අපේ අම්මී හැමදාම කියන්නේ ළමයි ලක්ෂ ගාණකගේ අත් අකුරු හැදුවා ඒත් මගේ ළමයගේ අකුරු ටික හදන්න බැරි වුනානේ කියලා. මට අධ්‍යාපනය අතින් ගෙදරින් ලොකුවට බල කලේ නෑ. ඒ නිසානේ මම අද මෙතන ඉන්නේ. ඒත් එක සැරයක් මම ගණන්වලට ලකුණු 45ක් ගත්තා කියලා මාව ගෙදරින් එලියට දාලා තිබ්බා. ඊට පස්සේ සැරේ ඉදන් මම ලකුණු 75ට වඩා ගත්තා. ”

මේ විදියටයි සංගීත් සතරසිංහ අදහස් දක්වලා තිබුණේ.