Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

සංගීත් හොද දෙමව්පියන්ගෙ වැදගත් පුතෙක්, එයා මගේ පෙර පිනට ලැබුණෙ

වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වන දිනිති වල්ගමගේ අපේ රටේ ජනප්‍රිය චරිතයක්. ඇය ටෙලි තිරය තුල වගේම සිනමා නිර්මාණ තුළද දැක ගන්න ලැබෙනවා. සමාජ මාධ්‍ය තුළ බෙහෙවින්ම කතා බහට ලක්වෙන කෙනෙක් විදියට දිනිති වල්ගමගේ හදුන්වන්නට පුලුවන්.

ඒ වගේම ඇය ගැන මේ දිනවල වැඩිපුර කතා බහට ලක් වෙන්නේ ඇගේ ප්‍රේම සබඳතාව නිසයි. ඇය ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් සතරසිංහ සමගින් ආදර සම්බන්ධයක් පටන් අරන් මේ වන විට ඔවුන් ඉතා ආදරයෙන් ඉන්නවා. ඒ වගේම දිනිතිට පසුගිය දා සංගීත් වාහනයකුත් තෑගි කලා. ඒ ගැන දිනිති සදහන් කරලා තිබුණේ මේ විදියටයි.

” සංගීත් මෑතකදී මට වාහනයක් අරන් දුන්නා. එයා ඒක මට අරන් දුන්නු විදිය ගැන මම දන්නවා. එයා නිදාගන්නැතුව දුක් මහන්සිවෙලා තමයි ඒ වාහනේ ගත්තේ. එයා ඇත්තටම හරිම පවු. මාව සතුටින් තියන්නමයි උත්සාහ කරන්නේ. එයා ආදරණීය දෙමව්පියන්ගේ වැදගත් පුතෙක්. එයා මගේ පෙර පිනකට ලැබුණේ.”

ඉතින් දිනිති වල්ගමගේ මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදර කතාවට අපිත් සුබම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *