මම ගුවන් සේවිකාව රැකියාවෙන් ඉවත් වුණා, ඒ සංගා එක්ක එකට ඉන්න ඕන නිසා
අපේ රටේ මේ වන විට ට්‍රෙන්ඩින්ම කපල් එක විදියට කොයි කවුරුත් ආදරේ කරන සමාජ මාධ්‍ය තුළ හැමෝගෙම ආකර්ෂණය ලබා ගන්න ඒ යුවළ තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ. දිනිති වෘත්තියෙන් ගුවන් සේවිකාවක් විදියට වැඩ කටයුතු කරන ගමන්ම රංගන ශිල්පිනියක් විදියටත් රසික ආදරය ලබා ගත්තා.

සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර දිනිතිව කතා බහට ලක් වෙන්නේ ඇගේ කතා බහ නිසා. ඒ නිසා ඇයට විවිධ විවේචනයන් වලටද මුහුණ දෙන්න වෙනවා. ඉතින් සංගීත් සහ දිනිතිගේ යාලුකම ආදරයක් බවට පත් වීමත් එක්ක ඒ දෙදෙනාගේ ආදර කතාව ගැනත් ඔවුන් විවිධ අවස්ථාවන් වලදී ප්‍රේක්ෂකයන් හමුවේ කියා සිටියා.
ඉතින් දිනිති සහ සංගීත්ට වැඩි පුර ආදරේ ලැබෙන්නේ සංගීත්ගේ යූ ටියුබ් නාලිකාව හරහා. ඒ සංගීත් ව්ලොග්ස් හරහා. එක්තරා රූපවාහිනි වැඩ සටහනකදී දිනිති සංගීත් වෙනුවෙන් කරපු කැප කිරීම් ගැන මේ විදියටයි කියලා තිබුණෙ.

” මම රැකියාවෙන් ඉවත් වුණා. මොකද මට ඕන හැම වෙලේම සතුටින් ඉන්න. මම සතුට දකින්නෙ සංගීත් ළග. මගේ සතුට තියෙන්නෙ එයා ලග. ඉතින් එයා එක්ක හැම මොහොතෙම ඉන්න ඕන නිසා මම ගුවන් සේවිකාව රැකියාවෙන් ඉවත් වුණා. සංගීත් උනත් වැඩිපුර කැමත්තක් නෑ මම රට රටවල ෆ්ලයි කරනවට.”
මේ විදියටයි දිනිති වල්ගමගේ අදහස් දක්වලා තිබුණේ.