දිනීට මගෙන් ඩිපෙන්ඩ් වෙන්න ඕන නෑ, එයා තමයි මගෙ ජීවිතේට හම්බවෙච්ච හොදම කෙනා
මේ දිනවල අසිරිමත් දළදාගමනය ටෙලිනාට්‍යය හා කී ටෙලිනාට්‍යය හරහා කාගේත් ජනප්‍රියත්වයට පත් වුණු ඔහු කඩවසම් රංගන ශිල්පී සංගීත් සතරසිංහ කියන්නෙ. ඉතින් මේ වන විට ප්‍රේක්ෂකයන් හමුවට පුංචි තිරය හරහා වගේම ඔහුගේ යූ ටියුබ් නාලිකාව හරහාත් ප්‍රේක්ෂක ආදරය ලබා ගන්නවා.

සංගීත් කියන්නේ අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන සුරංග සතරසිංහගේ ආදරණීය සහ එකම පුත්‍රයායි. ඉතින් පවුලේ හුරතලයත් එක්ක හැදුනු සංගීත් පළමු විවාහයෙන් වෙන් වෙලා මේ වන විට නැවත ආදරයක් එක්කයි ජීවිතේ උපරිමයෙන් සතුටින් ගත කරන්නේ.
ඉතින් සංගීත් සතරසිංහ කියන මේ කඩවසම් රංගන ශිල්පියා ප්‍රේම සබදතාවයක් පටන් අරන් තියෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේ සමගින්. දිනී සංගා ආදර කතාව ගැන මේ දිනවල හැමෝම කතා බහට ලක් වෙනවා. ඉතින් ඒ ආදරය ගැන සංගීත් සතරසිංහ පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මමයි දිනීව මගේ ජීවිතේට තෝර ගත්තේ. එයා මගෙන් ඩිපෙන්ඩ් වෙන්නැතුව තනිවම කට්ටක් කාලා ජීවිතේ ගොඩ දා ගත්ත කෙනෙක්. එයා පුදුම හයියක් තියෙන කෙනෙක්. ඉතින් දිනී තමයි මම මගේ ජීවිතේ හොයා ගත්ත හොදම කෙනා. මගේ ජීවිතේට ආපු අනිත් කට්ටිය මගෙන් ලාබ ප්‍රයෝජන ගන්න බලාගෙන ආපු කට්ටිය. නමුත් දිනී මගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එයා හොදම දේවල් පාවිච්චි කරන නිසා එයාට තෑගි දෙන්නත් අමාරුයි.”
මේ විදියටයි සංගීත් ඔහුගේ ආදර කතාව ගැන කියලා තිබුණේ.