Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

සංගීත් මට වගේම අනිත් කට්ටියටත් කෙයාරින්, එයා මගෙන් ඇහුවම මම කිව්වා ඉදලා බලමු පොඩ්ඩක් කියලා

අපේ රටේ ඉන්න ප්‍රහසන රංගන ශිල්පීන් අතලොස්සෙන් එක දක්ෂයෙක් තමයි සුරංග සතරසිංහ කියන්නේ. ඉතින් ඔහුගේ ආදරණීය සහ එකම පුතා තමයි සංගීත් සතරසිංහ කියන්නේ. මේ දිනවල පුංචි තිරයේ ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්න ඔහු ටෙලිනාට්‍යය කිහිපයක් හරහා ප්‍රේක්ෂක අපේ ආලින්දයට එනවා.

සිරි දළදාගමනය, කී වැනි ටෙලිනාට්‍යය හරහා එකිනෙකට වෙනස් වුණු චරිත ඔස්සේ තමයි සංගීත් රසික ආකර්ෂණය ලබා ගන්නේ. ඒ වගේම ඔහු වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වෙන්නේ ඔහුගේ කඩවසම් කමටයි. ඉතින් සංගීත්ට ආදරය කරන හැමෝම දන්න දෙයක් තමයි ඔහුගේ ආදරවන්තිය කවුද කියලා. ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන දිනිති වල්ගමගේ කියන්නේ.

ඉතින් මේ දෙදෙනාට කවුරුත් වැඩි පුරම ආදරේ කරන්නේ සංගීත් දිනී යූ ටියුබ් නාලිකාව හරහා. ලංකාවේ ට්‍රෙන්ඩින්ම කපල් එක වෙන මේ දෙදෙනා හොදම යහලුවන් වෙලා තමයි ආදරකතාවක් පටන් ගත්තේ. ඉතින් ඒ ගැන මේ යුවළම වැලන්ටයින් සමරන්න සහභාගි වුණු එක්තරා වැඩ සටහනකදී අදහස් දක්වලා තිබූනේ මේ විදියටයි.

” අපි දෙන්නා හොදම යාලුවෝ. ඉතින් අපි හම්බවුණේ ශිවා අයියගෙ ටෙලිනාට්‍යයකදි. ඊට පස්සේ මට තේරුනා සංගීත් මට ටිකක් ව්ඪියෙන් කෙයාරින් කියලා. මෙයා මට විතරක් නෙමෙයි. හැමෝටම ඒ වගේ. අම්මට තාත්තට යාලුවන්ට හැමෝටම ගොඩක් කෙයාරින්. ඉතින් සංගීත් මගෙන් ඇහුවම මම කිව්වා අපි පොඩ්ඩක් මෙහෙම ඉදලා බලමු කියලා. ඊට පස්සේ ඉතින් මම හා කිව්වම තමයි කන්ෆර්ම් වුණේ. මම සංගීත්ගෙ කැමති ඒ නිර්ව්‍යාජ චරිතයට. එයා හැමදේම කරන්නේ හදවතින්මයි.’’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *