Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ වයිෆ්ගෙ හිත ගන්න මම මාස ගාණක් පස්සෙන් ගියා, එයා හිටියේ ජූනියර් බැජ් එකේ

වේදිකාව, පුංචි තිරය හරහා අතිශය ජනාදරයට පත් වුණු ඔහු දක්ෂ රංගන ශිල්පී සනත් විමලසිරි. ඔහු රංගනයෙන් දායක වුන නිර්මාණ මීට වසර ගණනාවකට පෙර සිටම ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට ලක් වුණු ඔහු ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. චරිතාංග රංගන ශිල්පියෙක් විදියට සනත් විමලසිරි රංගන ශිල්පියා මේ දිනවල පුංචි තිරය හරහා අපි අතරට එන්නේ ‘ලංවී’ ටෙලිනාට්‍යය හරහා.

ඉතින් ඔහු මේ වන විට විවාහ වෙලා ආදරණීය පියෙක්. ඉතින් ඔහුගේ බිරිද සහ දරුවන් සමගින් සතුටින් ඉන්න සමත් විමලසිරි ඔහුගේ බිරිද යාලු කරගන්න ලොකු උත්සහයක් දරලා. ඒ ගැන පසුගිය දා ඔහු පවුල සමගින් සහභාගි වුණු රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අපේ අම්මලා යාලුවෙකුගෙ දුවක් බලන්න මගෙන් අහලා ගියා. මම කිව්වා යනවනම් යන්න කියලා. ඒ ගෑණු ළමයත් ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙන ගන්නවා කියලා එයාලගේ තාත්තලා අපේ තාත්තිලාට කියලා. බැලීනම් අපිට ජූනියර් බැජ් එකක නංගි කෙනෙක්. ඉතින් මම කාලයක් පස්සෙන් ගිහින් කොහොම හරි යාලු කරගත්තා. අපිට හිටියා හොද යාලුවෙක්. එයා තමයි උදව් කලේ.”

මේ විදියටයි සනත් විමලසිරි ආදරණීය රංගන ශිල්පියා ඔහුගේ ආදරණීය බිරිදගේ මුණ ගැහීම ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *