Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම මගේ මුල්ම ශෝ එකට මුලින්ම ඇන්දෙ චරිතා අක්කගේ සාරියක්

සංගීත කලාවට නැතුවම බැරි ගායිකාවක් විදියට කවුරුත් ආදරේ කරන අපූරු හඩක් හිමි ඇය සමිතා මුදුන්කොටුව ජනප්‍රිය ගායන ශිල්පිනියයි. ඇය ගායනා කල ගීත අපේ ආදරණීය රසිකයින් ආදරයෙන් වැළදගෙන ඉන්න ගීතයන්. ඉතින් අතුල සමිතා සුසංයෝගයෙන් නිමැවුණු ගීත අතර සද පානක් සේ ඇවිදින් ගීතයටත් අපේ රටේ සංගීතයට ආදරය කරන කොයි කවුරුත් ආසාවෙන් අහන ගීතයක්.

ඉතින් අතුලගෙන් වෙන් වුණු සමිතා කාවින්ද්‍යා සහ ශේන් සමගින් කාලයක් තනිකඩව ජීවත් වුණත් පසුව සමිතගේ ලෝකයට චිරන්ත එනවත් එක්ක ඒ ආදර කතාව හරි රහට ගෙතෙනවා. ඉතින් සමිතා මුදුන්කොටුව කියන ක්ශේෂ්ත්‍රයේ නමක් හදාගෙන ඉන්න ගායන ශිල්පිනිය ඇගේ සංගීත දිවියේ මුල්ම මතකයන් මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.

” ඉස්සර මම ඉගෙන ගන්න කාලේ චරිතා අක්කයි එඩ්වඩ් අයියයි අපේ ගෙදර එනවා. ඒ කාලේ චරිතා අක්කා ශෝ වලට සිංදු කියන්න එහෙම යනවා. මට ඉතින් මැජික් එකක් වගේ. ඊට පස්සේ මටත් ඉර පායා සිංදුවෙන් පස්සේ ශෝ එකක් ආවා. මම මුලින්ම සාරියක් ඇන්දෙ චරිතා අක්කාගේ එකක්. එයාට ගොඩාක් සාරි තියෙනවා.”

මේ විදියටයි සමිතා මුදුන්කොටුව අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *