අපේ තාත්තා කියන්නේ එයාගේ නම කන්නැතුව වැඩ කරන්න කියලා, ලබන මාසෙට මගෙ බබාට අවුරුද්දයි
ලංකාවේ රංගන ක්ශේෂ්ත්‍රයේ වෙනත් පැති කඩක් තමයි ප්‍රහසනය කියන්නේ. ප්‍රහසන රංගන ශිල්පියෙක් කියන්නේ ප්‍රේක්ෂකයාව හිනා ගස්සන පිනක් කරන කෙනෙක්. කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීන චරිතයක් වන හේමන්ත ඊරිගම රංගන ශිල්පියාගේ පුතා වන සමීර ඊරියගමයි. ඔහුව සමීර ඊරියගම කියලා හදුන්වනවාට වඩා හැමෝම හදුනන්නේ දෙවෙනි ඉනිමේ ‘මිලාන්’ චරිතය හරහායි.
ඉතින් සමීර මීට කාලයක සිටම දෙවෙනි ඉනිමේ මිලාන් විදියට අපි අතරට එනවා වගේම කලාව තුල හැදෑරීමක් කරලා තමයි අද රංගන ක්ශේෂ්ත්‍රය තුළ ඉන්නේ. මේ වන විට ක්ශේෂ්ත්‍රයට ඇවිත් වසර ගාණක් වන සමීර එදා පබළු නාට්‍යයේ තමයි ඇගේ පළමු රංගනය ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ආවේ.

ඉතින් තම පියා ක්ශේෂ්ත්‍රය තුළ හිටියත් ඉතාම ලේසියෙන් ක්ශේෂ්ත්‍රයට ආපු කෙනෙක් නෙමෙයි සමීර කියන්නේ. ඉතින් ඔහුට තම පියාගෙන් ලැබෙන උපදෙස් ගැන මේ විදියටයි සමීර ඊරියගම ජනප්‍රිය රංගන ශිල්පියා අදහස් දක්වලා තිබුණේ.
” අපේ තාත්තා ක්ශේෂ්ත්‍රයේ හිටියට මම කලාවට ආවේ ඩ්‍රාමා පන්තියකට ගිහින් රංගනය පිළිබද හැදෑරීමක් කරලා. චන්දන හේවාපතිරණ සහ ධර්මප්‍රිය ඩයස් යන සර්ලගෙන් ඉගෙන ගෙන තමයි මම රංගනයට ආවේ. අපේ තාත්තා මට කිව්වේ මගේ නම කන්නැතුව ඉගෙන ගන්න කියලා. 2009 ඉදන් මම ෆීඩ් එකේ ඉන්නවා. නමුත් ගොඩක් අය දන්නෙ දෙවෙනි ඉනිමෙ මිලාන්ගේ චරිතයත් එක්කයි.

මට ක්ශේෂ්ත්‍රයේ වැඩ නිදහසේ කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ මගේ බිරිද නිසා. එයා යාලුවෙලා ඉන්න කාලේ ඉදලා එහෙමයි. මට ලොකු සහයෝගයක් දෙනවා. ලබන මාසෙට අපෙ බබාට අවුරුද්දයි. අද වෙනකම් එයාට අවිශ්වාස හිතෙන දෙයක් මම කරලා නෑ. මම ශූටින් ගියාම කෝල් කරන්න එපා කියලා තියෙන්නේ.’’
මේ විදියටයි සමීර ඊරියගම දක්ෂ ප්‍රහසන රංගන ශිල්පියා ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.