Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ක්ශේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 23 යි, මගේ පෙනුම කොහොම වුණත් මම වැඩ කරන්නෙ හැකියාව මත

වේදිකාව තුලින් සිය රංගන ජීවිතය ආරම්භ කල ඔහු දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වන එස්.අයි. සමරක්කොඩි. ඉතින් ඔහුට සමරක්කොඩි කියනවාට වඩා ගොඩක් දෙනෙක් හදුන්වන්නේ අල්පොන්සු කියලා. ඒ මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘ජානු’ ටෙලිනාට්‍යයේ. ඉතින් රංගනය පිළිබද පාඨමාලා හදාරා රංගනය ගැන හොද අවබෝධයකින් කලාවට ප්‍රවේශ වුණ චරිතාංග රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි ඉතා දක්ෂ කලා කරුවෙක්.

ඉතින් ඔහු මුලින්ම රංගනය කල වේදිකා නාට්‍යය තමයි හුණුවටයේ නාට්‍යයේ. එතනින් පටන් ගත් ඔහුගේ කලා ජීවිතය අද වන විට ටෙලිනාට්‍යය සියයකට අධික ප්‍රමාණයකට ඔහු සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

ඉතින් ඔහු රංගන ක්ශේෂ්ත්‍රය ගැන ඔහුගේ මතය මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම මේ ක්ශේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 23ක් වෙනවා. මම කාලෙන් කාලෙට ක්ශේෂ්ත්‍රය තුළ ජනප්‍රිය වුණා. අපිට පස්සේ ක්ශේෂ්ත්‍රයට ආපු අය සෝඩා බෝතලේ කැඩුවා වගේ ඇවිත් එක රැයින් ජනප්‍රිය වෙලා අපිව පසුකරගෙන යනවා. නමුත් ඒ ටික කාලයයි. ඔවුන් ක්ශේෂ්ත්‍රයේ රැදෙන්නෙ නෑ. පෙනුම කොහොම වුණත් මම රගපාන්නේ දක්ෂතාවය මත. මට විවිධ චරිත ලැබිලා තියෙනවා. අපි හැදෑරීමක් ඇතුව ආපු නිසා තමයි ක්ශේෂ්ත්‍රයේ තවම රැදිලා ඉන්නේ.”

මේ විදියටයි චරිතාංග රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *