අප්පච්චි බොහොම හෙමින් සුව වෙනවා, ගොඩක් කට්ටිය එයාට සුබ වෙන්න සෙත් පතනවා
අපේ කලා ලෝකය තුළ ඉන්න මහා රංගධරයෙක් විදියට හදුන්වන්න පුලුවන් කෙනෙක් තමයි ජැක්සන් ඇන්තනී කියන්නේ. ඔහු සකල කලාවටම විශේෂ හැකියාවක් තියෙන අපේ කලා කෙත පෝෂණය කරන කලාවට නැතුවම බැරි කෙනෙක්. ඉතින් ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිද තමයි කුමාරි මුණසිංහ කියන්නේ.
මේ විදියට කලාවට සිය දරුවන් පවා දායාද කල එතුමාගේ පුතුන් දෙදෙනා සහ දියණියත් කලා ක්ශේෂ්ත්‍රය තුළ කැපී පෙනෙන චරිතයන්. ඉතින් මාධවී ඇන්තනී, සජිත ඇන්තනී සහ අකුල ධනුද්දර කියන්නේ ක්ශේෂ්ත්‍රයේ කැපී පෙනෙන ජනප්‍රිය තරු.

ඉතින් ගායනය, රංගනය, නිවේදනය කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකටම දක්ෂතා දක්වන ඔවුන්ගෙන් අකිල ධනුද්දර රංගනය කරන නිර්මාණ කිහිපයක්ම අපිට දැක බලා ගන්න පුලුවන්. ඉතින් ජැක්සන් ඇන්තනී පසුගිය දා හදිසි අනතුරකට පත් වීමත් එක්ක හැමෝම එතුමන් ගැන කතා කරන්නට වුණා. ඒ ගැන සජිත සහභාගි වූ එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” අපේ අප්පච්චි මේ වෙනකොට තවමත් අයි.සී.යූ එකේ. එයා හිමින් සුව වෙමින් ඉන්නේ. ඉතින් වෛද්‍යවරු එයාව හොදට බලාගන්නවා. මම හිතන්නේ බෙහෙත් වලට වඩා මිනිස්සුන්ගේ ආශිර්වාදය එයාට ගොඩක් වටිනවා. තවමත් එයාට කට්ටිය බෝධි පූජා පවත්වනවා. ඉතින් ඒ කට්ටියට කියන්නේ ආදරෙන් එයාට සෙත් පතන්න කියලා.”