මමයි බුවියි පවුලෙ බාලයෝ නිසා අපිට දරුවෙක් ලැබුණත් වගකීම් දැනෙන්නෙ නෑ
රංගවේධී කලාශූරි ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රය පෝෂණය කල ශේෂ්ඨ රංගවේධියෙක්. ඔහු වේදිකාව, සිනමාව සහ සකල කලාවටම දක්ෂ පුද්ගලයෙක්. ඉතින් එතුමන්ගේ ආදරණීය පවුලම කලා ක්ශේෂ්ත්‍රයට නෑකම් කියන පුද්ගලයන්. මාධවී ඇන්තනී, අකිල ධනුද්දර සහ සජිත ඇන්තනී කියන්නේ කලාවෙ දක්ෂතා පෙන්නුම් කරන අසහාය රංගන ශිල්පීන් දෙදෙනෙක් සහ රංගන ශිල්පිනියක්.
ඒ අතරින් ඇන්තනී පවුලේ බාලයා සජිත කියන්නේ පුංචි තිරයට සිනමාවට නැතුවම බැරි චරිතයක්. ඔහු රංගනය කල නවතම චිත්‍රපටයක් මේ වන විට ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුලුවන්. ඒ සජිතගේ විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන ‘ගාඩි’ චිත්‍රපටය හරහා.

ඉතින් පවුලේ බාලයා උනත් මේ වන විට විවාහ වෙලා ආදරණීය පුතෙකුගේ පියෙක්. ඒ පිය පදවිය ලබා ගැනීමත් එක්ක සජිතගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වුණා. ඉතින් ජීවිත ගමනේ වෙනස්ම අත්දැකීමක් මේ වන විට ලබා ඉන්න සජිත ඒ අපූරු වෙනස්කම ගැන කිව්වේ මේ වගේ අදහසක්.
” මමයි බුවියි දෙන්නම පවුලෙ බාලයන්. ඉතින් අපි දෙන්නම කාගේත් ආදරය ඇතිව හැදී වැඩුණු නිසා කිසිම දෙයක බරක් පතලක් දැනුනෙ නෑ. පුතා ලැබුණට පස්සේ අපි දෙන්නට ලොකු වෙනසක්. පුතාගේ වගකීම් ඉටු කරන්න අපි උත්සහ ගනිමින් ඉන්නේ. පුතා ලොකු වෙන්න වෙන්න එයාගෙ වගකීම් වැඩි වෙනවනෙ. ඒවට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් සතුටින් ඉන්නවා.”

මේ විදියටයි සජිත ඔහුගේ පිය පදවියත් එක්ක ජීවිතයේ ලබපු අත්දැකීම් ගැන සදහන් කරලා තිබුණේ.