මුලින්ම බුවීව අප්පච්චිට හදුන්වලා දෙන්න ගිය දවසේ මම බඩ රිදෙනවා කියලා දිව්වා, ඒ තරමට බයයි
පුංචි තිරය සිනමාව එක ලෙස තමා සතු කරගන්නට හැකියාවන්ත වුණ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර ඇන්තනී කියන්නේ. නම කියූ සැනින් රුපය දුටුසැනින් කටහඩ ඇසූ සැනින් සජිත කියන්නේ මහා රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ පොඩි පුතා කියලා ඕනම කෙනෙක් දන්නවා. ඉතින් නිවේදනයටත් ගායනයටත් රංගනයට වගේම දක්ෂතා දක්වන සජිත වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයකට මෑතකදී ලක් වුණේ ස්වර්ණවාහිනී විකාශය වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය හරහායි.

ඉතින් සජිත දැන්නම් විවාහ වෙලා පුංචි පුතෙකුගේ ආදරණීය පියෙක්. ඔහු අත ගත්තේ සුරූපී බුවී සමගයි. ඉතින් සජිතගේත් මාධවීගේත් අකිලගේත් විවාහ මංගල උත්සවය එකම දිනකදී ගැනීම මේ කලා පවුල ගැන හැමෝගෙම ආකර්ෂණය ලැබෙන්න හේතුවක් වුණා.
ඉතින් සජිත අනුත්තර ඔහුගෙ ආදරණීය බිරිදව ප්‍රථම වතාවට අප්පච්චි වන ජැක්සන් ඇන්තනී මහතාට හදුන්වා දුන් ආකාරය ගැන මේ විදියටයි ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම මුලින්ම බුවීව අප්පච්චිට හදුන්වලා දෙන්න අප්පච්චි ධර්මයුද්ධය ශූටින් කරන ලොකේෂන් එකට ගියා. ඉතින් අප්පච්චිට මම කිව්වා මේ ඉන්නෙ අප්පච්චි බුවී කියලා. ඉතුරු ටික කියන්නම බෑ. එහෙම කියාගෙන එනකොට මම වෙව්ලලා බය වුණා. මගේ බඩ ඇතුලෙන් පෙරලෙනවා. අවසානෙදි අප්පච්චි මේ ඉන්නේ බුවී අම්මෝ මගෙ බඩ කියලා දුවගෙන ගියා. දිල්හානි අක්කලා තමයි කියලා තිබුණේ මේ ඉන්නේ සජිතගේ ගෑණු ළමයා කියලා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනී ඔහුගෙ අතීත මතකය ගැන අදහස් දක්වලා තිබුණේ.