Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට රසට කෑම හදන්න පුලුවන්, ස්පැගටි තමයි රහටම හදන්නේ

නිවේදිකාවක් විදියට පුංචි තිරයෙන් දකින ඇය මේ වන විට රංගන ශිල්පිනියක් විදියට දැක ගන්න පුලුවන්. හිරු නාලිකාවේ වින්දනීය උදෑසන සහ හිරු ටොප් ටෙන් වැඩ සටහන් නිවේදනය කරන සජී මොහොට්ටිගේ නිවේදනයට අමතරව ඇයව දැක ගන්න පුලුවන් රංගන ක්ශේෂ්ත්‍රය තුළ. ඒ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘හීනයකි මේ ආදරේ’ ටෙලිනාට්‍යය තුළයි.

ඉතින් නිවේදනය කරන අතරතුරදී රංගනය කරන සජී හිරු නාලිකාවේ දිවිතුරා ටෙලිනාට්‍යයේත් දැක ගන්න ලැබුණා. ඉතින් තංගල්ලේ ඉදලා කොළඹ එන සජී මොහොට්ටිගේ එකම හීනය වුණේ නිවේදිකාවක් වෙන එකයි. ඒ හීනය හැබෑ කරගන්න ඇය මේ වන විට බලාපොරොත්තු වෙන්නේ රංගනය අතින් දිගු දුරක් යන්න.

නිවේදනයට සාපේක්ෂව වෙනස්ම අභියෝගයක් වෙන රංගනය ගැන ඇය තව දුරටත් ඉගෙනගනිමින් හදාරමින් තමයි ඉන්නේ. ඉතින් තමන් කරන වැඩ ගැන අවධානය යොමු කරන සජී මොහොට්ටිගේ ඇගේ විවේක කාලය ගැන එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම ආසයි තංගල්ලෙ යන්න. නිවාඩු කාලය මම ට්‍රිප් යනවා, මගෙ වැඩ කරන්න තමයි මම කැමතියි. මම නිවාඩු ලැබුණම තංගල්ලෙ ගිහින් රසට කෑමත් හදනවා. මට රසටම හදන්න පුලුවන් ස්පැගටි. ”

මේ විදියටයි සජී මොහොට්ටිගේ අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *