මමයි පියතුයි ප්‍රශ්නයක් වුනාම ඒක එදා රෑම විසදගන්නවා, ඊළග දවසට ගෙනියන්නෙ නෑ
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සදනි ප්‍රනාන්දු කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇගේ කැරලි කොන්ඩයට හැමෝගෙම ආදරය ලැබෙනවා. විශේෂයෙන්ම ඒ කොණ්ඩයට ආකර්ෂණය ලැබෙන්නේ තරුණයන්ගෙන්. ඉතින් සදනි රංගනය කල ‘බන්ධනා’ ටෙලිනාට්‍යයට ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලැබුණා.

ඉතින් සදනි රංගන ශිල්පිනියක් වගේම දැන් ගායිකාවක්. ඒ ඇය ආදරය කරන ඇගේ පෙම්වතා පියත් සමගින් ගීත ගායනා කරන නිසා. පියත් කියන්නෙ තරුණ පරපුරේ ඉන්න දක්ෂ ගායකයෙක්. ඒ වගේම ලාංකීය තරුණියන්ගේ ආකර්ෂණය වැඩිපුර ලැබෙන පියත් රාජපක්ෂ සහ සදනි ආදර කතාව අවුරුදු පහකටත් වැඩියෙන් පවත්වාගන්න හේතු වූ මුලික ලක්ෂණයක් මේ විදියටයි කියලා තිබුනේ.

” මමයි පියතුයි රණ්ඩු එක්ක තමයි ජීවිතේ ගෙවන්නේ. නමුත් ඉතින් අවුරුදු පහකටත් වැඩියෙන් මේ විදියට එකට ඉන්න හේතුව තමයි අපි ප්‍රශ්නයක් වුනාම එදා රෑ වෙනකොට ඒ ප්‍රශ්නෙ විසදගන්නවා. පහුවදාට මේ කිසිම ප්‍රශ්නයක් ගෙනියන්නෙ නෑ.’’
ඉතින් ආදර කතාව ලස්සනට ගලා යන්න හේතුව මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී සදනි ප්‍රනාන්දු අදහස් දක්වලා තිබුණේ.