Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගෙයි නංගිගෙයි වයස් පරතරය තිබුණට අපි දෙන්නා එක වගේ, හරියට නිවුන්නු වගේ

සචින්තනී කෞෂල්‍යා කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක් වන ප්‍රේක්ෂකයන් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඉතින් ඇය රංගනයෙන් දායක වෙන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ දිගැසි කියන චරිතයට බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබෙනවා. සචින්තනී කියන්නේ රංගන ශිල්පිනියක් වගේම හොද අධ්‍යාපනයක් ලබා ගෙන තිබෙන දක්ෂ කෙනෙක්.

ඉතින් ඇය දුක් මහන්සි වෙලා අධ්‍යාපනය වෙනුවෙන් ලොකු වෙහෙසක් දැරුවත් අවසානයේ මල්ඵල ගැන් වෙලා තියෙන්නේ.ඉතින් සචින්තනී රංගනය කල බන්ධනා ටෙලිනාට්‍යයත් මේ වන විට විකාශය වෙලා අවසන්. ඉතින් සචින්තනී මේ විදියටයි ඇය කුඩා කාලයේ අවුරුදු සමරපු විදිය ගැන කියලා තිබුණේ.

” මගෙයි නංගිගෙයි වයස් පරතරය වුනාට අපි දෙන්නම එක වගේ. හරියට නිවුන්නු වගේ. අපේ අම්මා අපි දෙන්නටම එකම වගේ ගවුම් මහලා දෙනවා. අපිදෙන්නා නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා තමන්ගෙ එක මහලා ඉවර වෙනකම්. අපිදෙන්නටම අම්මා කෑම පිගන් ලෑස්ති කරලා දෙනවා අහල පහල අයට ගිහින් දෙන්න. අපි දෙන්නා ඒව ගිහින් දීලා තේ බීලා කතා කර කර ඉන්නවා.

ආයේ වැදලා හම්බවෙන සල්ලි ඔක්කොම එකතු කරගෙන ගෙදර ගිහින් ගනන් කරනවා. මට ඕන නංගිගෙ මට වඩා සල්ලි වැඩිද කියලා බලන්න. මගෙයි නංගිගෙයි තරගෙ ඒ දේටත්.’’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී සචින්තනී කෞෂල්‍යා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *