පුංචි තමයි අප්පච්චිට කිව්වෙ මට අවුරුදු කුමරියට යන්න අවස්ථාවක් දෙන්න කියලා – ජනප්‍රිය රංගන ශිල්පිනී සචින්ත්‍යා අරුන්දතී
2022 සිරස වසන්ත කුමරිය විදියට අභිෂේක ලබපු සචින්ත්‍යා අරුන්දතී මේ වන විට රසික ආදරය ඉහලින්ම ලබන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුලුවන්. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වෙන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යයේ සහ ‘කියා දෙන්න ආදරෙ තරම්’ ටෙලිනාට්‍යය හරහා.

ඉතින් මේ විදියට ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට අද කාගේත් ආදරය ලබා ගත්තත් එදා ඇගේ සිහිනයක් බවට පත් වෙලා තිබුණේ නිළියක් වීම. ඉතින් මේ වන විට ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් තමයි ඇය.
ඇගේ නිළියක් වීමේ හීනයට පාර කපන්නට ගොඩ දෙනෙක් සචින්ත්‍යා පසු පසින් හිටියා. ඉතින් ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම අවුරුදු කුමරිය තරගයට යනවට තාත්තා කැමති වුණේ නෑ. ඊට පස්සේ මගේ පුංචි තමයි තාත්තව කැමති කරලා දුන්නේ. ඉතින් මගේ කැම්පස් එකේ යාලුවොත් නංගිත් මතක් කරන්න ඕනේ. මට ලොකු සහයෝගයක් ලැබෙනවා ඒ අයගෙනුත්. ඉතින් අම්මයි අප්පච්චියි කිව්වා නිළියක් වෙන්න කැමතියිනම් මුලින් හොදට ඉගෙන ගෙන ඉන්න කියලා.”
මේ විදියටයි සචින්ත්‍යා අදහස් දක්වලා තිබූනේ.